Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

2023 වනවිට ලොව වැඩිම ජනගහනය වෙසෙන රට බවට ඉන්දියාව – එක්සත් ජාතීන්ගේ වාර්තාව

2023 වනවිට ලොව වැඩිම ජනගහනය වෙසෙන රට බවට ඉන්දියාව - එක්සත් ජාතීන්ගේ වාර්තාව

2023 වනවිට ලොව වැඩිම ජනගහනය වෙසෙන රට බවට ඉන්දියාව - එක්සත් ජාතීන්ගේ වාර්තාව

ලබන වසර වෙද්දී, ඉන්දියාව, චීනය අභිබවා ලෝකයේ වැඩිම ජනගහනයක් වෙසෙන රට බවට පත්වනු ඇතැයි එක්සත් ජාතීන්ගේ ලෝක ජනගහන අපේක්ෂාව සම්බන්ධයෙන් එළිදැක්වූ නවතම වාර්තාවේ සඳහන් වෙයි.

එම වාර්තාවේ වැඩි දුරටත් සඳහන් වී ඇත්තේ, ඉතා මන්දගාමී වුවත්, සමස්ත ලෝක ජනහනය, මෙම 2022 නොවැම්බර් මස 15 වැනිදා වනවිට බිලියන 8 සීමාවට ළං වනු ඇති බවය. 1950 වසරෙන් පසු වාර්තා වූ මන්දගාමී ජනගහන වර්ධන වේගය මෙය යැයිද එක්සත් ජාතීන්ගේ වාර්තාවේ වැඩි දුරටත් සඳහන් වී තිබේ.

ලෝක ජනගහනය 2030 වසර වනවිට බිලියන 8.5ක් දක්වාත්, 2050 වනවිට බිලියන 9.7 දක්වාත්, 2080 වනවිට බිලියන 10.4 දක්වාත් වර්ධනය වනු ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය අනුමාන කරන බවද එම වාර්තාවේ වැඩි දුරටත් සඳහන් වෙයි.

ලෝක ජනගහනය බිලියන 10.4 සීමාවට පැමිණි පසු 2100 වසර වනතුරු ඒ ආසන්නයේ සිටිනු ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය වැඩි දුරටත් සිය වාර්තාව හරහා පැහැදිලි කර තිබේ.

Exit mobile version