Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අඩු ආදායම්ලාභී පවුලකට රු.7500-රු.10,000ක මුදලක්

අඩු ආදායම්ලාභී පවුලකට රු.7500-රු.10,000ක මුදලක්; දුෂ්කර ප්‍රදේශවල දරුවන්ට පෝෂ්‍යදායී ආහාරවේලක්

අඩු ආදායම්ලාභී පවුලකට රු.7500-රු.10,000ක මුදලක්; දුෂ්කර ප්‍රදේශවල දරුවන්ට පෝෂ්‍යදායී ආහාරවේලක්

දිවයින පුරා සිටින අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහන සැලසීමට රජය රුපියල් බිලියන 200ක මුදලක් වෙන් කිරීමට තීරණය කළ බව කෘෂිකර්ම, වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජීවන වියදම් කමිටුව කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී රැස්වූ අවස්ථාවේදී මෙම තීරණය ගෙන තිබේ. මෙම වැඩ පිළිවෙල යටතේ රටේ සිටින සියලුම අඩු ආදායම්ලාභී පවුල් සඳහා එක් පවුලකට රුපියල් 7500- රු.10,000 දක්වා බැගින් වූ මුදලක් වෙන් කිරීමට නියමිතය.

දැනට රටේ පවතින භාණ්ඩ මිල ඉහළ යාම හා ආර්ථික අර්බුදය සැළකිල්ලට ගනිමින් ආදායම් අහිමිව සිටින පවුල් සුරක්ෂිත කර ගැනීමේ අරමුණින් මෙම පියවර ගැනීමට රජය තීරණය කළ බව අමාත්‍යවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ සියලුම පළාත්වල කෘෂිකාර්මික කටයුතු සමාලෝචනය කිරීම සඳහා සූම් තාක්ෂණය ඔස්සේ ආණ්ඩුකාරවරුන් සහ ප්‍රධාන ලේකම්වරුන් සමඟ පැවැති සාකච්ඡාවකදී කෘෂිකර්ම අමාත්‍යවරයා මෙි බව කීය.

මේ අතර දුෂ්කර ප්‍රදේශවල ළදරු පාසැල්වල සිටින සියලුම දරුවන්ට පෝෂ්‍යදායී ආහාරවේලක් සැපයීමටද ජීවන වියදම් කමිටුව අවධානය යොමු කර තිබේ.
මව්පියන්ගේ රැකියා සහ ආදායම් අහිමිවීම හා ආදායම් අඩුවීම සැළකිල්ලට ගනිමින් දරුවන්ගේ පෝෂණ තත්ත්වය ආරක්ෂා කිරීම සඳහා මෙම වැඩ පිළිවෙළ යෝජනා වූ බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

Exit mobile version