Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ගිනිඅවි සම්බන්ධයෙන් අමෙරිකා එක්සත් ජනපදය ගත් වැදගත්ම තීරණය

ගිනිඅවි සම්බන්ධයෙන් අමෙරිකා එක්සත් ජනපදය ගත් වැදගත්ම තීරණය

ගිනිඅවි සම්බන්ධයෙන් අමෙරිකා එක්සත් ජනපදය ගත් වැදගත්ම තීරණය

ගිනිඅවි හේතුවෙන් සිදුවන ප්‍රචණ්ඩත්වය පිටුදැකීම සඳහා අමෙරිකා එක්සත් ජනපද සෙනෙට් සභාව ගිනිඅවි පාලන පනත් කෙටුම්පතක් සම්මත කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එය දශක තුනකට ආසන්න කාලයක් තුළ ගිනිඅවි සම්බන්ධයෙන් අමෙරිකා එක්සත් ජනපදය ගත් වැදගත්ම තීරණය බවය.
මෙම කෙටුම්පත සම්මත කර ගැනීම සඳහා ඩිමොක්‍රටික් පක්ෂයේ සෙනට් සභිකයින් 50 දෙනාම සහ රිපබ්ලිකන් පක්ෂයේ සභිකයින් 15 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කර ඇත.

පසුගිය මාසයේ නිව් යෝර්ක් නුවර සුපිරි වෙළඳසලක සහ ටෙක්සාස් ප්‍රාන්තයේ උවාල්ඩේහි ප්‍රාථමික පාසලක සිදුවූ සමූහ වෙඩි තැබීම්වලින් පුද්ගලයන් 31 දෙනෙකු මිය යාමෙන් අනතුරුව ගිනිඅවි සම්බන්ධයෙන් වන නීති සංශෝධනය කිරීමට එක්සත් ජනපදයේ අවධානය යොමු වී තිබිණි. එහි ප්‍රතිඵලයක් ලෙස මෙම කෙටුම්පත සම්මත වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ජනාධිපති බයිඩ්න් ඊට අත්සන් කිරීමට පෙර පනත එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලය එය සම්මත කළ යුතුය. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, දින කිහිපයක් ඇතුළත එය සිදුවනු ඇති බවය. මේ හරහා වයස අවුරුදු 21ට අඩු ගිනිඅවි ගැණුම්කරුවන් පිළිබඳව දැඩි පසුබිම් පරීක්‍ෂා කිරීම් සිදු කෙරෙනු ඇත.

එමෙන්ම, මානසික සෞඛ්‍ය වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සහ පාසල් ආරක්‍ෂාව වැඩිදියුණු කිරීම් සඳහා ඩොලර් බිලියන 15ක අරමුදල් සැපයීමද සිදුවනු ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබේ. තර්ජනයක් ලෙස සලකනු ලබන පුද්ගලයන්ගෙන් ගිනි අවි ඉවත් කිරීම සඳහා “රතු කොඩි” නීති ක්‍රියාත්මක කිරීමට ප්‍රාන්ත දිරිමත් කිරීම සඳහා අරමුදල් සැපයීමද එමගින් සිදුවනු ඇත.

Exit mobile version