Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

නිවසේ විදුලි බිල්පත පරිසරයට මුදා හැරීමේ වරදට දස දහසක දඩයක්

මහරගම ඩෙංගු මර්දන මෙහෙයුමෙන් දිනකදී ලක්ෂ 21ක දඩයක්

මහරගම ඩෙංගු මර්දන මෙහෙයුමෙන් දිනකදී ලක්ෂ 21ක දඩයක්

විදුලි බිල්පතක් පරිසරයට මුදා හැරිම සම්බන්ධයෙන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ සැකකරුවෙකුට රුපියල් දස දහසක දඩයක් ගෙවන ලෙස හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ෆරුක්ඩින් මහතා නියෝග කළේය.

(17) අධිකරණය හමුවේ වරද පිළිගත් බැවින් එම දඩය නියම කෙරිණි. මෙසේ රුපියල් දස දහසක දඩයක් ගෙවිමට නියෝග කරනු ලැබුවේ හැටන් හිජිරාපුර පදිංචි එස්.සෙල්වකුමාර් නැමති අයෙකුටය. ඔහු හැටන් නගරයේ පැති විදියේ ඔහුගේ නිවසේ විදුලි බිල්පත පරිසරයට මුදා හැර තිබිණි.

හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක ආර්.ආර්.එස්.මැදවෙල මහතා සැකකරුට එරෙහිව කසල පරිසරයට මුදා හැරිම සම්බන්ධයෙන් පරිසර පනත යටතේ හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයේ චෝදනා ගොනු කර තිබුණි.

Exit mobile version