Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

විශ්ව විද්‍යාල දෙකකට නව කුලපතිවරයෙක් සහ උප කුලපතිව‍රයෙක්

විශ්ව විද්‍යාල දෙකකට නව කුලපතිවරයෙක් සහ උප කුලපතිව‍රයෙක්

විශ්ව විද්‍යාල දෙකකට නව කුලපතිවරයෙක් සහ උප කුලපතිව‍රයෙක්

නැගෙනහිර විශ්ව විද්‍යාලයට නව කුලපතිවරයෙක් සහ ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයේ නව උප කුලපතිව‍රයෙක් පත්කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන ඇත.

ඒ අනුව නැගෙනහිර විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස මහාචාර්ය එම්. සෙල්වරාජා සහ ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයේ නව උප කුලපතිවරයා ලෙස රුහුණු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය ආර්. වික්‍රම සෙනෙවිරත්න යන මහත්වරු පත් කර තිබේ.

අදාළ පත්වීම් ලිපි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී (07) පෙරවරුවේ භාර දී ඇත.

දේශීය වෛද්‍ය විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපතිනි ජනිතා ලියනගේ මහත්මිය රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිධූරයට පත්වීම හේතුවෙන් එම තනතුර පුරප්පාඩු වී තිබිණි.

Exit mobile version