Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රාජ්‍ය සේවකයන් සඳහා සිකුරාදා දිනය නිවසේ සිට රාජකාරී කළ හැකි දිනයක් බවට පත්කිරීමට පියවර

රාජ්‍ය සේවකයන් සඳහා සිකුරාදා දිනය නිවසේ සිට රාජකාරී කළ හැකි දිනයක් බවට පත්කිරීමට පියවර

රාජ්‍ය සේවකයන් සඳහා සිකුරාදා දිනය නිවසේ සිට රාජකාරී කළ හැකි දිනයක් බවට පත්කිරීමට පියවර

රාජ්‍ය සේවකයන් සඳහා සිකුරාදා දිනය නිවසේ සිට රාජකාරී කළ හැකි දිනයක් බවට පත්කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

ඒ අනුව රාජ්‍ය සේවකයන් රාජකාරියට පැමිණිය යුතු දින ගණන සතියකට දින 4ක් දක්වා අඩුවන බව ඇමතිවරයා සඳහන් කළේය. මේ සම්බන්ධයෙන් වන යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බව ඇමතිවරයා කීවේය.

රටේ පවතින ඉන්ධන හා මූල්‍ය අර්බුදය හේතුවෙන් මෙම පියවර ගන්නා බවද දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේය.

ඇමතිවරයා මේ බව පැවසුවේ (05) යෙදෙන ජාත්‍යන්තර පරිසර දිනයට සමගාමීව මාදිවෙල කේතුමතී විහාරස්ථානයේ දී පැවති මී පැළ බෙදාදීමේ හා රෝපණය කිරීමේ අවස්ථාවකින් අනතුරුව මාධ්‍ය‍වේදීන් නැගූ පැනයකට පිළිතුරු දෙමිනි

Exit mobile version