Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සංචාරක ඔස්ට්‍රේලියානුවන් සමග පැවැත්වීමට නියමිත 20යි 20 ක්‍රිකට් තරගාවලිය සදහා ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

සංචාරක ඔස්ට්‍රේලියානුවන් සමග පැවැත්වීමට නියමිත 20යි 20 ක්‍රිකට් තරගාවලිය සදහා ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

සංචාරක ඔස්ට්‍රේලියානුවන් සමග පැවැත්වීමට නියමිත 20යි 20 ක්‍රිකට් තරගාවලිය සදහා ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතය (01) නිවේදනය කෙරුණා.

දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 18 දෙනෙකු ඇතුළත් බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ආබාධයක් හේතුවෙන් බංග්ලාදේශ තරග සංචාරය අහිමි වූ පැතුම් නිස්සංක යළි ශ්‍රී ලංකා සංචිතයට නම් කර තිබෙනවා. ශාරීරික යෝග්‍යතාවය පිළිබද ගැටලු හේතුවෙන් නිමා වූ ජාත්‍යන්තර තරග රැසකට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වූ භානුක රාජපක්ෂ මෙම තරගාවලියට යළි කැදවා තිබීම විශේෂත්වයක්.

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ බ්‍රිතාන්‍ය තරග සංචාරයේ දී දක්ෂතා දැක් වූ මුල්පෙල පිතිකරු නුවනිදු ප්‍රනාන්දු ද 20යි 20 සංචිතයට ඇතුළත්.

ළහිරු මදුෂංඛ, කසුන් රාජිත හා ලක්ෂාන් සදකැන් යළි 20යි 20 සංචිතයේ ස්ථාන හිමි කර ගෙන තිබෙනවා.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී දක්ෂතා දැක් වූ නවක වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ද ශ්‍රී ලංකා 20යි 20 සංචිතයට නම් කර තිබීම විශේෂත්වයක්.

එම සංචිතය පහතින්.

දසුන් ශානක (නායක)
පැතුම් නිශ්ශංක
ධනුෂ්ක ගුණතිලක
කුසල් මෙන්ඩිස්
චරිත් අසලංක
භානුක රාජපක්ෂ
නුවනිඳු ප්‍රනාන්දු
ලහිරු මධුශංක
වනිඳු හසරංග
චාමික කරුණාරත්න
දුෂ්මන්ත චමීර
කසුන් රාජිත
නුවන් තුෂාර
මතීෂ පතිරණ
රමේෂ් මෙන්ඩිස්
මහිෂ් තීක්ෂණ
ප්‍රවීන් ජයවික්‍රම
ලක්ෂාන් සඳකැන්
අතිරේක ක්‍රීඩකයින්

ජෙෆ්රි වැන්ඩර්සේ
නිරෝෂන් දික්වැල්ල

Exit mobile version