Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පොහොර මිටියක් රුපියල් 10,000ට ලබාදිය යුතුයි – පොහොර කමිටුව නිර්දේශ කරයි

පොහොර මිටියක් රුපියල් 10,000ට ලබාදිය යුතුයි - පොහොර කමිටුව නිර්දේශ කරයි

පොහොර මිටියක් රුපියල් 10,000ට ලබාදිය යුතුයි - පොහොර කමිටුව නිර්දේශ කරයි

පොහොර මිටියක් රුපියල් 10,000 ලබාදිය යුතුයැයි පොහොර ප්‍රශ්නය විසඳීම සඳහා අග්‍රාමාත්‍යවරයා පත් පත්කළ කමිටුව රජයට නිර්දේශ කර තිබේ.

පොහොර ප්‍රශ්නය විසඳීම සඳහා පත් කෙරුණු කමිටුවේ සභාපති අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේ මේ වන විට රුපියල් 35000/- ක් වැනි අධික මිලකට පොහොර මිටිය අලෙවි වන බවද මෙම තත්වය යටතේ ගොවීන්ට වගා කටයුතු කර ගැනීමට නොහැකි වනු ඇති බවත්ය.

මෙම තත්ත්වය දිගටම පැවතුනහොත් ඉදිරියේදී ජනතාව වගාවලින් සම්පූර්ණයෙන්ම ඉවත් වීමෙන් රටේ ආහාර හිඟයක් ඇතිවීමට හැකියාව තිබෙන බැවින් අඩු මිලට පොහොර ලබා දීමට කඩිනමින් කටයුතු කළ යුතු බව කමිටුව නිර්දේශ කළ බවද අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේය.

Exit mobile version