Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

‘කොටි කපන වෝ’ විලාප නගමින් ගම්වාසීන් බය කළ 7ක් අත්අඩංගුවට

නීති විරෝධීව වැලි ගොඩදමමින් සිටි පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට

නීති විරෝධීව වැලි ගොඩදමමින් සිටි පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට

කොටි ත්‍රස්තවාදීන් පහර දෙන බවට අම්පාර නවගිරියාව කැලයේ සිට කෑ ගසා ගම්වාසීන් බියට පත්කොට මහත් කල බැගෑනියක් ඇති කළ බව කියන පුද්ගලයන් හත් දෙනකු (18) මධ්‍යම රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව බක්කිඇල්ල පොලීසිය පවසයි. ‍

‘කොටි කපන වෝ’ යැයි විලාප නගමින් පිරිසක් කෑ ගසන හඬ ඇසී විදුලි වැට ආරක්ෂා කරමින් සිටි සිවිල් ආරක්ෂක සහ වනජීවී නිලධාරින් ඒ බව බක්කිඅල්ල පොලීසියට ඒ බව දැනුම් දී ඇත.

මේ අතර වාරයේ ගම්වාසීන් බියට පත්ව ආරක්ෂාව පතා 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට දැනුම්දුන් බව කියති. ඒ අනුව අම්පාර සහ අරන්තලාව පොලිස් විශේෂ කාර්ය බළකාය සහ යුධ හමුදා භට පිරිසක් පැමිණ පොලීසිය හා එක්ව සෝදිසි මෙහෙයුමක් සිදු කර ඇත. එහිදී මෙම සැක කරුවන් පැමිණී යතුරු පැදියක් පාපැදි තුනක් සහ ත්‍රිවිලරයක් අවට නිවෙස්වල නතර කර ගොස් තිබියදී සොයා ගැනීමට ආරක්ෂක අංශ සමත් විය.

ඒ අනුව වැඩිදුර විමර්ශනය කිරීමේදී සැකකරුවන් හත් දෙදෙනකු දිවුලාන වනාන්තරයට පලා යමින් සිටියදී උදෑසන අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

Exit mobile version