Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඉන්ධන නොලැබීම සහ කාර්මික දෝෂ හේතුවෙන් විදුලිබල මණ්ඩලය පුනර්ජනනීය බලශක්තිවල පිහිටට

පුනර්ජනනීය විදුලි බලාගාරවලට කෝටි 2300ක ගෙවීම් පාහැර හැරලා; 7000කගේ රැකියා අනතුරේ

පුනර්ජනනීය විදුලි බලාගාරවලට කෝටි 2300ක ගෙවීම් පාහැර හැරලා; 7000කගේ රැකියා අනතුරේ

ජාතික විදුලිය ජනනයට වැඩි ප්‍රතිශතයක් මේ වන විට පුනර්ජනනීය බලශක්තිවලින් ගැනීමට විදුලිබල මණ්ඩලයට සිදුව තිබේ. ඒ තාප බලාගාරවලට ඉන්ධන නොලැබීම සහ නොරොච්චෝලේ පළමු ජනන යන්ත්‍රයේ කාර්මික දෝෂයක් මතුවීම හේතුවෙනි.

දෛනික විදුලි සැපයුමෙන් 55%ට ආසන්න ප්‍රමාණයක් ජල විදුලියෙන්ද 31%කට ආසන්න ප්‍රමාණයක් නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයෙන්ද උත්පාදනය කෙරේ.

පසුගිය සමයේ ස්වල්ප විදුලි සැපයුමක් ලබා දුන් සුළං බලාගාරයන් මේ වන විට නිරිත මෝසම් සමය සක්‍රීය විමත් සමඟින් 13%කට ආසන්න ධාරිතාවක් ජාතික විදුලි පද්ධතියට ලබා දෙමින් පවතී. ඊට අමතරව බයෝමාස් බලාගාරයෙන් 0.83%ක්ද සූර්ය බලාගාරයන්ගෙන් 0.61%ක් ද ජාතික විදුලි පද්ධතියට ලැබෙමින් පවතී.

මධ්‍යම කඳුකර ප්‍රදේශයට ඉහළ වර්ෂාපතනයක් ලැබෙමින් පැවතියද තවමත් ජල විදුලි බලාගාරවලට ජලය සපයන ජලාශවල පූර්ණ ජල මට්ටමට ළඟා වී නැත. මේ වන විට ඉහළ වර්ෂාපතනයක් හිමි වෙමින් පවතින ලක්ෂපාන විදුලිබලාගාරයට ජලය සපයන කාසල්රි සහ මඋස්සාකැලේ ජලාශයන්හි ජල මට්ටම පිළිවෙළින් 59% සහ 46% වශයෙන් පසුගිය 16 වැනි දින සටහන්ව තිබිණි.

මීට අමතරව මහවැලි සංකීර්ණයට අයත් කොත්මලේ, වික්ටෝරියා සහ රන්දෙණිගල යන ජලාශයන්ගේ පිළිවෙළින් ජල ධාරිතාව 53.86%, 33.25% සහ 78.87% ලෙස දැක්විණි.

Exit mobile version