Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පොලිසිය මහජනතාවගෙන් තොරතුරු ඉල්ලයි

සමාජ විරෝධි ක්‍රියා සහ අපරාධ කළ පුද්ගලයන් සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන්නැයි පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

කළහකාරී පිරිසක් පසුගිය 09 වනදා අරලිය ගහ මන්දිරය ඉදිරිපිට සහ ගාලුමුවදොර ප්‍රදේශයේ පවත්වාගෙන ගිය උද්ඝෝෂණ වලට පහර දීමත් සමඟ දිවයින පුරා ප්‍රචන්ඩක්‍රියා රැසක් සිදු වුණා මෙමගින් ජිවිත සහ දේපළ හානි රැසක් සිදුව තිබෙනවා. එමෙන්ම නිවාස හා ව්‍යාපාරික ස්ථාන වල දේපළ අනවසරෙන් රැගෙන යාමට කටයුතු කර තිබෙනවා. එවැනි ක්‍රියා වල වීඩියෝ දර්ශන මෙන්ම ජායාරූප විවිධ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වුනා.

එවැනි ක්‍රියාවන්ට සම්බන්ධ වු පුද්ගලයන් නීතිය හමුවට ගෙන ඒම සඳහා පොලීසිය මහජනතාවගේ සහාය අපේක්ෂා කරනවා. ඒ සදහා තොරතුරු දැනුම් දිමට 1997 සහ 119 යන දුරකථන හදුන්වා දි ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශ පවසනවා.

Exit mobile version