Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ජල විදින යන්ත්‍රය ගෙන්නුවේ පොලිස් විශේෂ කාර්ය බළකාය හරහා සාම සාධක හමුදාවට සේවයේ යෙදවීමට

මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්ව ඇති ජල විදින යන්ත්‍රය ශ්‍රිලංකාවට ගෙන්වූයේ පොලිස විශේෂ කාර්ය බළකාය හරහා සාම සාධක හමුදාවන්හි සේවයේ යෙදවීමට බවත් ඒසේ සේවයේ යෙදවීම හරහා ඒම ජල විදින යන්ත්‍රයට ඒක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් වසරකට ඩොලර් 22000ක් ගෙවන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කරයි.

මෙම රථය ඇනවුම් කළේ පසුගිය වසරේදී බවත් ඒය පෙරේදා දිනයේදී කොළඹ පිහිටි පොලිස් විශේෂ කාර්ය බළකා මූලස්ථානය වෙත ගෙන ආ බවත් ඒක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා සඳහා ඉදිරියේදී පොලිස විශේෂ කාර්ය බළකායේ 200ක් පමණ ඒක්වීමට නියමිත බවත් ඔහු පැවැසීය.

මෙසේ සේවයේ යෙදවීම වෙනුවෙන් වසරකට ඇමෙරිකානු ඩොලර් මිලියන 3.5ක විදේශ විනිමයක් ලැබෙන බවත් ඔහු පැවැසීය.

Exit mobile version