Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කියුබාවේ තරු පහේ හෝටලයක ප්‍රබල පිපිරීමකින් 22 දෙදෙනෙකු මියගොස් තවත් 60 දෙනෙකුට පමණ තුවාල

කියුබාවේ තරු පහේ හෝටලයක ප්‍රබල පිපිරීමකින් 22 දෙදෙනෙකු මියගොස් තවත් 60 දෙනෙකුට පමණ තුවාල

කියුබාවේ තරු පහේ හෝටලයක ප්‍රබල පිපිරීමකින් 22 දෙදෙනෙකු මියගොස් තවත් 60 දෙනෙකුට පමණ තුවාල

කියුබාවේ හවානා අගනුවර පිහිටි සුපිරි හෝටල් පරිශ්‍රයක පිපිරීමක් සිදුව තිබෙනවා. විදෙස් වාර්තා පැවසුවේ අගනුවර පිහිටි ප්‍රසිද්ධ තරු පහේ හෝටලයක එම පිපිරීම සිදුව ඇති බවයි.

හෝටලයේ පිටත තිබූ ගෑස් ටැංකියක් ගිනිගෙන පුපුරා යාමෙන් අනතුරු සිදුව ඇති බවයි වාර්තා වන්නේ. පිපිරීමෙන් හෝටලයේ මහල් කිහිපයක්ම සම්පූර්ණයෙන් විනාශ වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

පිපිරීමෙන් පුද්ගලයින් 22 දෙදෙනෙකු මියගොස් තවත් 60 දෙනෙකු පමණ තුවාල ලබා තිබෙනවා. මියගිය පිරිස අතර ගර්භණී කාන්තාවක් සහ කුඩා දරුවෙකු ද වන බවයි කියුබානු ජනාධිපති කාර්යාලය තහවුරු කළේ.

Exit mobile version