නොරොච්චෝලේත් බිඳ වැටී ඇති තත්ත්වයක විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ජනතාවට අවධාරණය කෙරෙනවා.
(03) දිනයේ නොරොච්චෝලේ බලාගාරයේ බිද වැටීමෙන් මෙගාවොට් 270ක් ජාතික පද්ධතියට අහිමි වී තිබෙනවා. එය යථාතත්ත්වයට පත් කිරීම සඳහා දින 05ක් පමණ ගත වන බවයි අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසුවේ.
මේ හේතුවෙන් පවතින විදුලි කප්පාදුව දීර්ඝ කිරීමකින් තොරව කලමනාකරණය කර ගනිමින් විදුලි සැපයුම සිදුකරන ලෙසත් අමාත්‍යවරයා ලංකා විදුලිබල මණ්ඩලයට උපදෙස් ලබා දී තිබෙනවා.