Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ලෝක බැංකුවෙන් ලංකාවට අ. ඩොලර් මිලියන 10ක හදිසි ආධාරයක්

ශ්‍රී ලංකාවේ ණය ගැන IMF දැඩි විශ්වාසයක

ශ්‍රී ලංකාවේ ණය ගැන IMF දැඩි විශ්වාසයක

ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත් වී සිටින ශ්‍රී ලංකාවට හදිසි ආධාර පැකේජයක් සූදානම් කරන බව ලෝක බැංකුව පවසයි.

එහි ප්‍රකාශයෙකු උපුටා දක්විමින් රොයිටර්ස් පුවත් සේවය සඳහන් කළේ, අත්‍යවශ්‍ය ඖෂධ මිලදී ගැනීමට අවශ්‍ය අමෙරිකානු ඩොලර් මිලියන 10ක මූල්‍යධාරයක්ද එම පැකේජයට ඇතුළත් වන බවය.

අදාළ මුදල ලෝක බැංකුවේ කොවිඩ්-19 සෞඛ්‍ය ව්‍යාපෘතියෙන් ලබා දීමට නියමිත බව ලෝක බැංකුවේ ප්‍රකාශකයෙකු පවසා තිබේ.

ඔහු සඳහන් කර ඇත්තේ, එම හදිසි ආධාර පැකේජය දැනට පවතින බැංකු මූල්‍ය ව්‍යාපෘතිවලට සහය වනු ඇති බවත් එමගින් ඖෂධ සහ පාසල් ළමුන් සඳහා අවශ්‍ය ආහාර ලබාදීම නැවත ක්‍රියාත්මක කළ හැකි වනු ඇති බවත්ය.

ගෑස්, මූලික ආහාර සැපයුම්, බීජ, පොහොර සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයීමට සහය වීම පිළිබඳවද සාකච්ඡා කරමින් පවතින අතර ශ්‍රී ලංකාවේ තත්ත්වය පිළිබඳව ලෝක බැංකුව දැඩි අවධානයෙන් පසුවන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

Exit mobile version