Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුතරේස් රුසියාවේ සංචාරයකට

එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුතරේස් රුසියාවේ සංචාරයකට

එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුතරේස් රුසියාවේ සංචාරයකට

එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුතරේස් රුසියාවේ මොස්කව් නුවර ලබන අගහරුවාදා විශේෂ සංචාරයක නිරත වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ජගත් මහලේකම්වරයා රුසියා ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් මුණ ගැසී සාකච්ඡා කිරීමට නියමිතව සිටිනවා. යුක්රේන ආක්‍රමණය සම්බන්ධයෙන් ඔහු දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට සැලසුම් කර ඇති බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය සදහන් කළේ. රුසියා විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොෆ් සමග ද අන්තෝනියෝ ගුදරේස් සාකච්ඡා කිරීමට නියමිතයි. ජගත් මහලේකම්වරයා යුක්රේනයේ ද සංචාරයක් කිරීමට සැලසුම් කර ඇති බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කළේ.

යුද්ධයෙන් පීඩාවට පත්ව සිටින සිවිල් ජනතාව වෙනුවෙන් මානුෂීය වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ජගත් මහලේකම්වරයාගේ අවධානය යොමු වී තිබෙනවා.

Exit mobile version