Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රඹුක්කන “බිහිසුණු ප්‍රවෘත්තිය” පිළිබඳව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනිය කනස්සල්ලෙන්

රඹුක්කන "බිහිසුණු ප්‍රවෘත්තිය" පිළිබඳව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනිය කනස්සල්ලෙන්

රඹුක්කන "බිහිසුණු ප්‍රවෘත්තිය" පිළිබඳව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනිය කනස්සල්ලෙන්

රඹුක්කන ප්‍රදේශයෙන් වාර්තා වූ “බිහිසුණු ප්‍රවෘත්තිය” පිළිබඳව තමන් අතිශයින් කනස්සල්ලට පත්ව සිටින බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජූලී චං මහත්මිය පවසයි.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඇය සඳහන් කළේ, විරෝධතාකරුවන්ට මෙන්ම පොලිසියටද එරෙහිව සිදුවන ප්‍රචණ්ඩත්වය හෙළා දකින බවය.

සාමකාමීව කටයුතු කරන ලෙස සියලු පාර්ශවවලින් ඉල්ලා සිටින බවද එහි සඳහන් වේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් විනිවිදභාවයෙන් යුක්ත පූර්ණ විමර්ශනයක් පැවැත්විය යුතු බවත්, සාමකාමී විරෝධතාවල නිරත වීම සඳහා ජනතාවට ඇති අයිතිය ආරක්ෂා කළ යුතු බවත් ඇයගේ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

Exit mobile version