Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ෆීල්ඩ් මාෂල්ගෙන්, හමුදාධිපතිට හා ආරක්ෂක ලේකම්ට ලිපියක්

ෆීල්ඩ් මාෂල්ගෙන්, හමුදාධිපතිට හා ආරක්ෂක ලේකම්ට ලිපියක්

ෆීල්ඩ් මාෂල්ගෙන්, හමුදාධිපතිට හා ආරක්ෂක ලේකම්ට ලිපියක්

දූෂිත පාලකයින් ලබා දෙන ජනතා විරෝධී අනීතික නියෝග ක්‍රියාත්මක කිරීමට පෙර සිය දහස් වාරයක් සිතා බලන ලෙස ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ආරක්ෂක ලේකම්වරයාගෙන් සහ යුද හමුදාපතිවරයාගෙන් ඉල්ලා තිබෙනවා.

සිය ෆේස් බුක් පිටුවේ සටහනක් තබමින් ඒ මහතා පෙන්වා දෙන්නේ, ඔහු යටතේ මානුශීය මෙහෙයුමක නියමුවන්වූ වීරෝධාර රණශූරයන් ලොවක් ඉදිරියේ අපකීර්තියට හා අප්‍රසාදයට ලක්වීම කිසිවිටෙකත් බලාපොරොත්තු නොවන බවයි.

“ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මැතිතුමනි,
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද්ධ හමුදාධිපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මැතිතුමනි.

මාගේ අණ හා විධානය යටතේ ත්‍රස්තවාදය පරාජය කිරීමේ මානුශීය මෙහෙයුමට සේනාංක මෙහෙයවු ඔබ, මේ මොහොතේ රට තුල පැනනැගී ඇති අතිශයින් සාමකාමී සිවිල් ජන අරගලය මර්ධනය කිරීමට දූශිත පලකයින් ලබාදෙන අනීතික නියෝග පිලිබදව සියදහස් වාරයක් සිතා බලා කටයුතු කරනු ඇතැයි අපේක්ශා කරමි.

දූශිත අකාර්යක්ෂම රාජ්‍ය පාලනය නිසා රට තුල උදගතවී තිබෙන ජීවත්වීමේ අර්බුදය හේතුවෙන් සාමාන්‍ය සිවිල් ජන සමාජය තුල ඇතිවී තිබෙන පීඩනය සාමකාමී, අවිහිංසාවාදී ජනතා විරෝධතාවයක් ලෙස වීදිබැස තිබේ.

සිය බලය පවත්වාගැනීම වෙනුවෙන් පීඩාවට පත්ව සිටින අහිංසක සිවිල් පුරවැසියන් මර්ධනය කිරීමට රාජපක්ශ රජය දරන කුමන හෝ උත්සාහයක් ඉතා පිලිකුල්සහගත ලෝකයේම අප්‍රසාදයට ලක්වන ක්‍රියාවලියක් වනු ඇත.
මා යටතේ මානුශීය මෙහෙයුමක නියමුවන්වූ වීරෝධාර රණශූරයන් ලොවක් ඉදිරියේ අපකීර්තියට හා අප්‍රසාදයට ලක්වීම කිසිවිටෙකත් මම බලාපොරොත්තු නොවෙමි.

එබැවින් යලියලිත් මා ඔබට අවධාරණය කරන්නෙ දූශිත පාලකයින් ලබාදෙන ජනතාවිරෝධී අනීතික නියෝග ක්‍රියාත්මක කිරීමට පෙර සියදහස් වාරයක් සිතා බලන ලෙසයි.

ස්තුතියි.
-ෆීල්ඩ් මාශල් සරත් ෆොන්සේකා.”

Exit mobile version