Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

තහනම් ධීවර දැල් කිලෝ 1418ක් සමඟ වයස 25ක සැකකරුවෙකු අත්අඩංගුවට

තහනම් ධීවර දැල් කිලෝ 1418ක් සමඟ වයස 25ක සැකකරුවෙකු අත්අඩංගුවට

තහනම් ධීවර දැල් කිලෝ 1418ක් සමඟ වයස 25ක සැකකරුවෙකු අත්අඩංගුවට

නාවික හමුදාවල සහ පොලිසිය ඒකාබද්ධව මන්නාරමල උප්පුකුලම් ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදීල නිවසක නීති විරෝධී ලෙස ගබඩා කර තිබූ තහනම් ධීවර දැල් කිලෝ 1418ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි.

තහනම් දැල් භාවිතයෙන් සිදු නීති විරෝධී ධීවර කටයුතු මැඩ පැවැත්වීම සදහා උතුරු මැද නාවික විධානයට අයත් ගජබා ආයතනය සහ මන්නාරම පොලිසිය (27) සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමේදීල තහනම් ධීවර දැල් මෙලෙස අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.

මෙම තහනම් ධීවර දැල් තොගයල නීති වි‍රෝධී මත්ස්යා කර්මාන්තය සඳහා අලෙවි කිරීමට මෙලෙස නීති විරෝධී ලෙස ගබඩා කර ඇති බවට නාවික හමුදාව සැකකරයි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 25ක් වන මන්නාරමල ඉරුක්කුලම්පිඩ්ඩි ප්රීදේශයේ පදිංචිකරුවෙක් බවත්, ඔහු මන්නාරම පොලීසියට බාර දී ඇත.

Exit mobile version