Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

විශ්වවිද්‍යාල කාර්ය මණ්ඩලයෙන් 46%ක් සහ සරසවි සිසුන්ගෙන් 17%ක් වාචික ලිංගික ප්‍රචණ්ඩතාවන්ට මුහුණ දෙයි

විශ්වවිද්‍යාල කාර්ය මණ්ඩලයෙන් 46% ක් පමණ වාචික ලිංගික ප්‍රචණ්ඩතාවන්ට පත්ව ඇති බවත්, ඉන් 22% කගෙන් ලිංගික අල්ලස් ඉල්ලා ඇති බවත්, 20% ක් ශාරිරික ලිංගික ප්‍රචණ්ඩත්වයට මුහුණ දී තිබෙන බවත් හෙළි වේ.

එමෙන්ම සරසවි සිසුන්ගෙන් 17% ක් වාචිකව සිදුකරන ලිංගික හිංසනයට ගොදුරු වී ඇති අතර 1.8% ක් පීඩාකාරි ලෙස ලිංගිකව සිදුකරන නවක වධයන්ට ගොදුරුවී ඇත.

‍මම කරුණු අනාවරණය වන්නේ ශ්‍රී ලංකා රාජ්‍ය විශ්වවිද්‍යාලයන්හි නවක වධය, ලිංගිකත්වය සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය පැතිරීම පිළිබඳ සමීක්ෂණ වාර්තාවෙනි. රාජ්‍ය විශ්වවිද්‍යාල අටක සිසුහු 5,000ක නියැදියක් අනුව සකස් වූ මෙම වාර්තාව ඉකුත් මාර්තු 21 වැනිදා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේදී එළිදැක්විණි.

සරසවි මුල් කාලයේදීම 50% ක් සිසුහු නවකවධයට ගොදුරු වී ඇති අතර ඉන් 34%ක් අප්‍රසන්න මානසික අත්දැකීම්වලින් පිරි නවකවධයට මුහුණ දී තිබේ. එමෙන්ම සිසුන්ගේ 23.8% ක් කායික වශයෙන් නවකවධයට ගොදුරුව ඇති බවද එම වාර්තාව මඟින් වැඩි දුරටත් අවධාරණය කර තිබේ.

Exit mobile version