Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඉරානයට එරෙහිව ඉරාකය සමග එකතුවී කටයුතු කරනවා – ඇමෙරිකා එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂක උපදේශක

ඉරානයට එරෙහිව ඉරාකය සමග එකතුවී කටයුතු කරනවා - ඇමෙරිකා එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂක උපදේශක

ඉරානයට එරෙහිව ඉරාකය සමග එකතුවී කටයුතු කරනවා - ඇමෙරිකා එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂක උපදේශක

ඉරාන-ඉරාක ගැටුමේදී ඇමෙරිකා එක්සත් ජනපදය ඉරානයට විරුද්ධව ඉරාකය සමග එකතුවී කටයුතු කරන බව ඇමෙරිකා එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂක උපදේශක ජේක් සුලිවාන් පැවැසීය.

(13) ඉරාකයේ අර්බිල් ප්‍රදේශයට ඉරානය විසින් මිසයිල ප්‍රහාරයක් එල්ල කළහ. එම මිසයිල ප්‍රහාරය එල්ල කළ ප්‍රදේශයේ ඉරාකයේ නව ඇමෙරිකානු කන්සියුලර් කාර්යාලය පිහිටා තිබීම හේතුවෙන් මේ සම්බන්ධව කාගේත් අවධානය යොමුවී තිබුණි.

(13) මිසයිල 12 අර්බිල් ප්‍රදේශයේ ඇමෙරිකානු කන්සියුලර් කාර්යාලය අසලට එල්ල වුනු අතර ඉන් ජීවිත හානි සිදු වූ නැතත් විශාල දේපල හානියක් සිදු වී තිබුණි.සිරියාවේ සිටි ඉරාන හමුදා නිලධාරීන් පිරිසක් මිය ගිය, ඊශ්‍රායලයෙන් සිරියාවට එල්ල කරන ලද ගුවන් ප්‍රහාරයට පිළිතුරු වශයෙන් මෙසේ ඉරානය විසින් ඉරාකයේ කුර්දිස්තාන් හි අර්බිල් ප්‍රදේශයේ ඊශ්‍රායල් යුද උපාය මාර්ගික සැලසුම්කරන මධ්‍යස්ථාන වෙත ප්‍රහාර එල්ල කෙරූ බව ඉරානයේ විප්ලවවාදී ආරක්ෂක බලකාය පැවසූහ.

මෙම ප්‍රහාරයෙන් කිසිඳු ජීවිත හානියක් නැතත් එක් අයෙක් තුවාල ලබා ගොඩනැගිලි විශාල සංඛ්‍යාවකට හානි සිදු වී ඇති නමුත් ඇමෙරිකානු කන්සියුලර් කාර්යාලයට කිසිඳු හානියක් සිදු වී නැත. ඇමෙරිකා එක්සත් ජනපදය මෙම ප්‍රහාරය හෙළා දකිමින් පැවසුවේ මැද පෙරදිග රටවල් විසින් ඉරානය වගඋත්තරකරුවා කළ යුතු බවත් මෙම ප්‍රහාරය සාධාරණීකරණය කිරීමට හැකියාවක් නොමැති බවත්ය.

Exit mobile version