Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මුතුරාජවෙළ තෙත්බිම සංරක්ෂණයට රු මිලියන 100ක්

මුතුරාජවෙළ තෙත්බිම සංරක්ෂණයට රු මිලියන 100ක්

මුතුරාජවෙළ තෙත්බිම සංරක්ෂණයට රු මිලියන 100ක්

මුතුරාජවෙළ තෙත්බිම සංරක්ෂණය සඳහා රජය විසින් ආරම්භ කර ඇති සංරක්ෂණ වැඩ පිළිවෙළට පරිසර අමාත්‍යාංශය විසින් මෙම වසර සඳහා රුපියල් මිලියන 100ක් ලබා දීමට තීරණය කළ බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

හෙක්ටෙයාර් 6236කින් සමන්විත මුතුරාජවෙළ තෙත් බිම හෙක්ටෙයාර් 3168ක් මීගමුව කළපුව දක්වාත්, හෙක්ටෙයාර් 3068ක් වගුරුබිමකින් ද සමන්විතය. මුතුරාජවෙළ තෙත්බිම බොහෝ දෙනෙක් කොළඹ ජනතාවගේ පෙණහැල්ල ලෙස හදුන්වති. එයට හේතුව මෙම තෙත්බිම මගින් කොළඹ නගරයේ වායුදූෂණය අවම කිරීමට ලබා දෙන දායකත්වය මෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ භූගත ජල ස්ථරය පෙරීමට ලක් කරන පෙරහණක් වශයෙන් ද කටයුතු කරන නිසාය.

දශක කිහිපයක් තිස්සේ නොයෙක් මානව ක්‍රියාකාරකම් හේතුවෙන් මුතුරාජවෙළ තෙත්බිම දූෂණයට හා විනාශයට ලක්විය. මේ සම්බන්ධව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා මුතුරාජවෙළට ගොස් ඒ සම්බන්ධව පුද්ගලිකවම කරුණු සොයා බැලීය.එහිදී මුතුරාජවෙළ දූෂණයට ලක් කළ ඇතැම් කර්මාන්තශාලාවල පරිසර
බලපත්‍ර පවා තහනම් කරනු ලැබීය. කෙසේ වුවද එහි ප්‍රතිපලයක් වශයෙන් මුතුරාජවෙළ පාරිසරික සංවේදී කලාපයක් ලෙස සංරක්ෂණය කිරීමට රජය තීරණය කළේය.

මෙම සංරක්ෂණ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියේ පූර්ණ අධීක්ෂණය යටතේ සිදු කරනු ලබයි. මුතුරාජවෙළ සංරක්ෂණ කටයුතු සඳහා ඒකාබද්ධ කමිටුවක් පවා පත් කිරීමට රාජ්‍ය ගිණුම්කාරක සභාව විසින් පියවර ගත්තේය.

පරිසර අමාත්‍යාංශයට අයවැය මගින් ලබා දී ඇති රුපියල් මිලියන 2000න් රුපියල් මිලියන 100ක් මුතුරාජවෙල තෙත්බිම සංරක්ෂණ කටයුතු වෙනුවෙන් 2022 වසර සඳහා ලබා දීමට තීරණය කර තිබේ.

Exit mobile version