Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අධිකරණයෙන් කැලණිය-අතුරුගිරිය අධිවේගයට අතුරු තහනමක්

EPF පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරයි

EPF පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරයි

පාරිසරික ආරක්ෂණ තෙත් කලාපයක් වන මාලබේ තලංගම හරහා නව කැලණි පාලමේ සිට අතුරුගිරිය දක්වා මංතීරු හතරකින් යුත් අධිවේගී මාර්ගයක් ඉදි කිරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය(21) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කළේ පරිසර යුක්ති කේන්ද්‍රය සමග තලංගම අවට පදිංචිකරුවන් වන ඉන්දික ගුණසේකර සහ ඊ.ඩී. සමරක්කොඩි ගොනු කර තිබූ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් පසුවය.

විනිසුරු මඬුල්ල සිය තීරණය ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේ පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ඉදිරිපත් කළ කරුණු සහ ජාතික පරිසර ප්‍රතිපත්තියේ විධිවිධාන සලකා බැලීමෙන් පසු එම අධිවේගී මාර්ගයේ ඉදි කිරිම තාවකාලිකව නතර කිරීමට නියෝග කළ බවය.

තවද නව අධිවේගී මාර්ගය ඉදි කිරීමට පෙර පාරිසර වාර්තාවක් ලබා ගෙන නොතිබීම ගැන අධිකරණය අවධානය යොමු කළ බවද නියෝගයේ සඳහන් වෙයි.

Exit mobile version