Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ලෝක චෙස් ශූර මැග්නස් කාල්සන් 16 හැවිරිදි ක්‍රීඩකයා හමුවේ පරාජය වෙයි

ලෝක චෙස් ශූරයා ලෙස වසර 5ක් වැජඹුණු මැග්නස් කාල්සන් (22)වන දා නිමා වූ ‘එයාර්තින්ග් මාස්ටර්ස් රැපිඩ් චෙස්’ තරගාවලියේදී ඉන්දියාවේ 16 හැවිරිදි ආර්. ප්‍රාග්නනන්ද හමුවේ පරාජයට පත්ව ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත් මෙම පරාජය සම්බන්ධයෙන් ලොව පුරා චෙස් ක්‍රීඩා ලෝලීන්ගේ අවධානය යොමුව තිබුණේ මෙම පෙරළිය සිදු කළ ආර්. ප්‍රාග්නනන්ද තවමත් 16 හැවිරිදි වියේ පසු විම නිසාවෙනි. එසේම ලෝක ශූරයකු පරාජයට පත් කළ වයසින් අඩුම ඉන්දීය චෙස් ක්‍රීඩකයා ලෙසද ඔහු ඉතිහාසගත විය.

අන්තර්ජාලය ඔස්සේ පැවැති මෙම තරගාවලියේ අවසන් තරගයේ ආරම්භයේ සිටම ප්‍රබල ලෙසින් තරගයට අවතීර්ණව තිබූ ප්‍රාග්නනන්දගෙන් දැඩි අභියෝගයක් ලෝක ශුර මැග්නස් කාල්සන්ට එල්ල වූ බවද මාධ්‍ය වාර්තා සඳහන් කරයි. එහිදී තරගයේ 8 වැනි වටයේ 39 වැනි පියවරේදී මැග්නස් කාල්සන්ට පරාජය උරුම වූ බවද සඳහන්ය.

Exit mobile version