නැමීබියාවේ ස්වැකොප් නදියේ (Swakop River) ජලය වසර 11කට පසු පළමු වරට අත්ලන්තික සාගරයට මුසු වී තිබේ.
මෙම දුර්ලභ අවස්ථාව දැක ගැනීම සඳහා විශාල පිරිසක් පැමිණ සිටියහ.
ස්වැකොප් නදිය නැමීබියාවේ ප්‍රධාන ගංගාවලින් එකක් වන අතර එය ස්ථිරව ගලා යන ගංගාවක් නොවේ. අධික වැසි නොලැබුණහොත් එම නදිය නැමීබ් කාන්තාරයේදී වියළී සිඳී යයි.
අවසන් වරට මෙම ගඟ අත්ලන්තික් සාගරයට මුසු වූයේ, 2011 වසරේ අප්‍රේල් මාසයේදී ය.