Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

විවාහ උත්සවයකට සහභාගි වූ කාන්තාවන් සහ දැරියන් 13 දෙනෙකු ළිඳකට වැටී මරුට

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ කුෂිනගර්හි (පෙබ. 16)වන දින විවාහ මංගල්‍යයකට සහභාගි වී සිටි පුද්ගලයින් 13 දෙනෙකු ළිඳකට වැටී මිය ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

රාත්‍රී 8.30ට පමණ මෙම පිරිස අනතුරට පත්ව ඇති බවත්, මිය ගොස් ඇති පිරිස අතර කාන්තාවන් 7 දෙනෙකු සහ දැරියන් 6 දෙනෙකු වන අතර ඒ අතර අවුරුද්දක් වයසැති කුඩා බිළිඳියක ද සිට ඇති බව ය. විවාහ උත්සවයට පැමිණ සිටි මෙම පිරිස එම ළිඳෙහි ආවරණය මත වාඩි වී සිට ඇති අතර ඔවුන්ගේ ශරීර බර හේතුවෙන් එම ආවරණය කැඩී සියලු දෙනා ළිඳට පතිත වීමෙන් මෙම අනතුර සිදුව ඇත.

ළිඳට වැටුණු පිරිස රෝහල වෙත ගෙන ගිය ද ඔවුන් මියගොස් ඇති අතර තව ත් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා සිට ඇති බව එරට මාධ්‍ය සඳහන් කර තිබේ.

මේ අතර, අනතුරින් මිය ගිය සෑම පුද්ගලයෙකු වෙනුවෙන් ම ඉන්දීය රුපියල් ලක්ෂ 4 බැගින් පිරිනමන බව එම ප්‍රදේශයේ දිස්ත්‍රික් මහේස්ත්‍රාත්වරයා සඳහන් කර ඇති අතර ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ද මෙම සිදුවීම සම්බන්ධයෙන් කනගාටුව පළ කර ඇත.

Exit mobile version