Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ශ්‍රී ලංකාවට ඉන්ටර්නෙට් සපයන සබ්මැරීන් කේබලයේ දෝෂයක්

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක් සඳහා ඉන්ටර්නෙට් සේවා සපයනු ලබන ජාත්‍යන්තර සබ්මැරීන් කේබලයේ (SMW4) දෝෂයක් හටගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දුන්නේ, ඒ හේතුවෙන් වැඩි ඉල්ලුමක් පවතින කාලය තුළ ඇතැම් පරිශීලකයින්ට අඩු ඉන්ටර්නෙට් වේගයක් අත්විඳීමට සිදු විය හැකි බව ය.

ඉදිරි දින කිහිපය තුළ ඒ සඳහා විකල්ප ක්‍රම යෙදවීමට කටයුතු කරන බව මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් පකිස්ථාන විදුලි සංදේශ සමාගම සඳහන් කර ඇත.

ඉන්දීය සාගරය යටින් දිවෙන අදාළ කේබල් පද්ධතියේ මෙහෙයුම් කටයුතු පකිස්ථාන විදුලි සංදේශ සමාගම මගින් සිදු කරනු ලැබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ සිංගප්පූරුව, මැලේසියාව, තායිලන්තය, බංග්ලාදේශය, ඉන්දියාව, ශ්‍රී ලංකාව, පකිස්ථානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සෞදි අරාබිය, සුඩානය, ඊජිප්තුව, ඉතාලිය, ටියුනීසියාව, ඇල්ජීරියාව සහ ප්‍රංශය ඇතුළු රටවල් අතර සන්නිවේදන කටයුතු මේ හරහා සිදු කෙරෙන බව ය.

Exit mobile version