Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රජය දුප්පතාට වඩා අඩු බද්දක් පෝසතාට පනවන හැටි – මහාචාර්ය වසන්ත අතුකෝරල

GEDSC DIGITAL CAMERA

පොදු ජනතාව මත ක්‍රියාත්මක වන බදු පීඩණයේ තරම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා (14)වන දින ලංකාදීප පුවත්පතේ මාධ්‍යවේදී චමින්ද ගුණසිංහ කළ සාකච්ඡාවකදී මීට අදාළ කරුණු පෙන්වා දී තිබේ.

මහාචාර්යවරයා පෙන්වා දී තිබෙන්නේ 2019 අවසන් වනවිට ලංකාවේ එක් පුද්ගලයෙකු මත දිනකට රුපියල් 218ක බදු බරක් පැවති බවය. මේ අනුව සිව්දෙනෙකුගෙන් යුත් පවුලක් සඳහා දිනකට පැටවෙන බදු බර රුපියල් 872ක්වි තිබේ. නමුත් පවතින කොරෝනා තත්වය හමුවේ ආණ්ඩුවේ වක්‍ර ආදායම් පහත වැටීමෙන් 2020දී එය දිනකට රුපියල් 600 දක්වා පහත වැටී ඇත.

මේ ආකාරයට පොදුජනතාව මත රජයේ මුළු බදු ආදායමෙන් 78%ක් පටවා රටේ ඉහළම ආදායම් ලබන සුළු පිරිසක් මත සෘජු බදු 22%ක් පමණ වූ අවම ප්‍රමාණයක් ක්‍රියාත්මක වන බව මහාචාර්යවරයා පෙන්වා දී තිබේ. පවතින ආදායම් බෙදීයාමේ විශමතාවය පොදුජනතාවට දරා ගත නොහැකි බව අවධාරණය කර තිබේ.

Exit mobile version