Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

වව්නියාව මණ්ඩපය ජාතික විශ්වවිද්‍යාලයක් බවට පත්කරයි

යාපනය විශ්වවිද්‍යාලයට අනුබද්ධව තිබූ, වව්නියාව මණ්ඩපය “වව්නියාව විශ්වවිද්‍යාලය” නමින් ජාතික විශ්වවිද්‍යාලයක් බවට පත්කිරීම (11)වන දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින්සිදු කෙරිණ. ඒ අනුව මෙරට 17වන රාජ්‍ය විශ්වවිද්‍යාලය ලෙස “වව්නියා විශ්වවිද්‍යාලය” ඉතිහාසයට එක් වේ.

යාපනය විශ්වවිද්‍යාලයට අනුබද්ධිතව ව්‍යවහාරික විද්‍යා පීඨය, ව්‍යාපාර පීඨය සහ ඉංග්‍රීසි භාෂා ඒකකය වව්නියාව මණ්ඩපය ලෙස 1997 වසරේ දී ස්ථාපනය කෙරිණ.

වව්නියා මණ්ඩපය ජාතික විශ්වවිද්‍යාලයක් බවට පත්කරන ලෙස සිසුහු සහ ආචාර්ය මණ්ඩලය දීර්ඝ කාලයක සිට ඉල්ලා සිටියහ.

අමාත්‍යවරුන් වන දිනේෂ්ගුණවර්ධන, ඩග්ලස්දේවානන්ද, උතුරු පළාත් ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කාදර් මස්තාන්, කුලසිංහම් තිලීපන්, බුද්ධශාසන
අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග යන මහත්වරු, විශ්වවිද්‍යාල ආචාර්ය
මහාචාර්යවරු, සිසුහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Exit mobile version