Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

(VIDEO) මිනිසුන් 270ක් පමණ ඝාතනය කරලා ඡන්දය ජයග්‍රහණය කිරීමේ උපරිමයකට ඇවිල්ලා – සිරිල් ගාමිණී පියතුමා

රටට තුළ ක්‍රියාත්මක වන අපරාධ වංචා සහ දූෂණ උපරිම තලයකට පැමිණ මිනිසුන් 270ක් පමණ ඝාතනය කර ඡන්දය ජයග්‍රහණය කිරීමේ උපරිමයකට පැමිණ ඇති බව කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක ගරු සිරිල් ගාමිණී පියතුමන්, බීබීසී සංදේශයේ සරෝජ් පතිරණ සමග සමාජජාල මාධ්‍ය සම්මුඛ සාකච්ඡාවකට එකවෙමින් අවධාරණය කරයි.

එහිදී එතුමා වැඩිදුරටත් අවධාරණය කර තිබෙන්නේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මේ දක්වා සිදුකළ පරීක්ෂණවල සියලුම වාර්තා නීතිපතිවරයා වෙත පවතින බවය. ඒ අනුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ යුතු සියලුදෙනා සම්බන්ධයෙන් නීතිපතිවරයාට බලය පැවරී තිබෙන බව අවධාරණය කර තිබිණි.

එහෙත් නීතිපතිවරයා දැන් ක්‍රියාත්මක වන්නේ අපරාධ සම්බන්ධයෙන් අධිකරණය ඉදිරියේ නඩු පවරනවාට වඩා නඩු ඉල්ලා අස්කරගැනීමට යැයි වැඩිදුරටත් මෙම පියතුමා චෝදනා නගයි.

Exit mobile version