Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ශ්‍රී ලංකාව සූදානම් නම්, අපිත් විකල්පය ගැන සාකච්ඡා කිරීමට සූදානම් – IMF

මූල්‍ය ආධාර ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවෙන් ඉල්ලීමක් ලැබෙන්නේ නම් ඒ සම්බන්ධයෙන් පවතින විකල්පය පිළිබඳ සාකච්ඡා කිරීමට සූදානම් බවට මූල්‍ය අරමුදලේ (IMF) දූත මණ්ඩල ප්‍රධානි මසහිරෝ නොසාකි මහතා පවසා තිබේ.

ශ්‍රී ලංකා මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා පසුගියදා පවසා සිටියේ රට මුහුණ දෙන මේ මූල්‍ය අර්බුදයෙන් ගැලවීම සඳහා තමා අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් උපදෙස් සහ සහාය ගැනීමට ඉල්ලීමක් කළ බවයි.

කෙසේ නමුත් අන්තර්ජාතික අරමුදලේ මෙහෙයුම් ප්‍රධානි මසහිරෝ නොසාකි මහතා අන්තර්ජාතික මාධ්‍ය වෙත ලිඛිතව දැනුම් දී ඇත්තේ මෙතෙක් ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් මූල්‍ය සහයෝගිතාවක් අවශ්‍ය බවට ලිඛිත ඉල්ලීමක් අන්තර්ජාතික අරමුදලට ලැබී නොමැ​ති බවත්, එසේ ලිඛිත ඉල්ලීමක් ලැබුණොත් යා හැකි ‘විකල්ප’ සම්බන්ධයෙන් තමන් සාකච්ඡා කිරීමට සූදානම් බවත්ය.

Exit mobile version