Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මෙවර නිදහස් උළෙලට එක්වන දේශීය නිෂ්පාදකයා

ශ්‍රී ලංකා විදුලි යාන්ත්‍රික හා ඉංජිනේරු රෙජිමේන්තුව නිෂ්පාදනය කරන ලද  වෙඩි නොවදින ප්‍රථම සැහැල්ලු සන්න හා සන්නද්ධ රථය ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා  ශ්‍රී ජයවර්ධනපුර ශ්‍රී ලංකා යුධ හමුදා මූලස්ථානයථානයේදී අද දින පරීක්ෂාවට ලක් කළේය.

මෙම සන්නද්ධ රථය මෙවර ජාතික නිදහස් උළෙල සඳහා එක් කිරීමට නියමිතය.  මෙම රථයට වෙඩි හා බෝම්බ ප්‍රහාර මැඩපත්වාගෙන ඉදිරියට යාමේ හැකියාවක් පවතින බව විදුලි යාන්ත්‍රික ඉංජිනේරු බළකාධිපති මේජර් ජනරාල් ඉන්දු සමරකෝන් මහතා පැවැසීය.

මෙවැනි රථයක් ආනයනය කිරීම සඳහා කෝටි 300කට ආසන්න මුදලක් වැය වන බවත්, ශ්‍රී ලංකා විදුලි යාන්ත්‍රික හා ඉංජිනේරු රෙජිමේන්තුවට නිෂ්පාදනය සඳහා වැයවු මුදල කෝටි එක හමාරක් බව මේජර් ජනරාල් ඉන්දු සමරකෝන් මහතා පැවසීය.

 

Exit mobile version