Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ලෝක රූ රැජින තරඟයේ දී මට අසාධාරණයක් වුණා, නැත්නම් මම තමයි විවාහක ලෝක රූ රැජින – පුෂ්පිකාද සිල්වා

ඇමරිකාවේ පැවති ලෝක විවාහක රූ රැජින තරගාවලියේදී තමනට අසාධාරණයක් වූ බව එම තරගාවලියට ශ‍්‍රී ලංකාවෙන් සහභාගී වූ පුෂ්පිකාද සිල්වා සදහන් කරයි.

එම අසාධාරණකම් නොතිබුනේ නම් තමන් එම තරගාවලියෙන් ජය ගැනීමට ඉඩ තිබූ බවත් ඇය කියා සිටී.

මේ බව සදහන් කරමින් ඇය තම සමාජජාල ගිණුමේ තබා ඇති සටහන මෙසේය.

මේ, මිනිසුන් වූ අප සියලු දෙනාටම වඩා ඉහළින් සිටින දෙවියන් වහන්සේ සහ සොබාදහම විසින් අපව පරික්ෂා කරන කාලයයි. කොරෝනා වැනි දේ තුළින් මිනිසාට සාමය, සමාදානය, පරිත්‍යාගය, එකිනෙකාට උපකාර කිරීම වැනි යහපත් ගුණාංග වැඩිදියුණු කරගත යුතු බව යලිත් සිහිපත් කරන කාලයකි.

මම, පසුගිය දිනවල ඇමරිකාවේ ලාස්වේගාස් වල පැවති ලෝක විවාහක රූ රැජින තරගාවලියට සහභාගි වීමි. එහිදී අවසාන වටය තෙක් සාර්ථකව තරග කළ මට ඇතැම් පාර්ශ්වයන් වෙතින් බලවත් අසාධාරණයක් සිදු විය. මට ලැබෙන්නට නියමිතව තිබූ එම ජයග්‍රහණය අහිමි කළ පුද්ගලයන්ට සුපුරුදු පරිදි ඒ මොහොතේම සමාව දුන්නෙමි.

නමුත් දෙවියන් වහන්සේගේ තීරණයක් වෙනස් කරන්නට කටයුතු කළ මනුෂ්‍යයෙකුට විඳින්නට සිදුවන දඬුවම කුමක්දැයි අපට සිතා ගන්නටවත් නොහැකි ය.

අද සොබාදහම විසින් අදාල පුද්ගලයන් සඳහා සිය විනිශ්චය ලබා දීම ආරම්භ කර තිබේ.

මම දෙවියන් වහන්සේ කෙරෙහි භක්තිමත් වෙමි. සොබා දහම කෙරෙහි විශ්වාසවන්ත වෙමි. මගේ විශ්වාසයන් තුළ මා ආරක්ෂා වන බව මම නිරන්තරයෙන් සිතමි. එය එසේම සිදුවේ

 

Exit mobile version