Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ICC සම්මාන උළෙලේදී 2021 වසරේ ක්‍රිකට් ක්‍රිඩකයා ෂහීන් අෆ්රිඩ් ක්‍රීඩිකාව ස්ම්‍රිති මන්දනා

ICC සමාන උළෙලේදී 2021 වසරේ ක්‍රිකට් ක්‍රිඩකයා ෂහීන් අෆ්රිඩ් ක්‍රීඩිකාව ස්ම්‍රිති මන්දනා

ICC සමාන උළෙලේදී 2021 වසරේ ක්‍රිකට් ක්‍රිඩකයා ෂහීන් අෆ්රිඩ් ක්‍රීඩිකාව ස්ම්‍රිති මන්දනා

වසරේ ක්‍රිකට් ක්‍රීඩකයාට පිරිනැමෙන ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් කුසලානය මෙවර දිනා ගැනීමට පාකිස්තාන වේගපන්දු යවන ක්‍රීඩක ෂාහින් ෂා අෆ්ර්ඩ් සමත් විය. ඒ 24දා පැවති අයි.සී.සී. සමාන උළෙලේදීය.

2021 වර්ෂයට අදාළ වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය දිනාගත් අෆ්රිඩි එම සම්මානය දිනාගත් පළමු පාකිස්තාන ක්‍රීඩකයා ලෙසින්ද ඉතිහාසගත විය. පසුගිය වර්ෂයේදී අන්තර්ජාතික ක්‍රිකට් තරග 36කට එක්වී ඇති ෂාහින් එහිදී කඩුලු 78ක් දවා ගැනීමට සමත්වී ඇත.

ටෙස්ට්, එක්දින හා පන්දුවාර 20 අංශ ත්‍රිත්වයේදීම පන්දුවෙන් දස්කම් දැක්වූ ෂාහින් මෙවර විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලීක වටයේදී. ඉන්දියාව සමග පැවති තරගයේදී පන්දුවෙන් දස්කම් දැක්වූයේ ලකුණු 31කට කඩුලු 03ක් දවා ගනිමිනි. 2004 වර්ෂයේදී ආරම්භ වූ මෙම ගාෆීල්ඩ් සෝබර්ස් වසරේ ක්‍රීඩකයා සම්මානය මුලින්ම (2004) ඉන්දියාවේ රාහුල් ඩ්‍රාවිඩ් විසින් හිමිකර ගත්තේය. ඔස්ට්‍රේලියාවේ රිකී පොන්ටින් (2006,2007) හා ඉන්දියාවේ විරාත් කෝලි (2017,2017) දෙවරක් බැගින් මෙම සම්මානය හිමිකර ගැනීමට සමත්ව ඇත.

මෙම සම්මානයට පාත්‍ර වූ එකම ශ්‍රී ලාංකිකයා වූ කුමාර් සංගක්කාර 2012 වර්ෂයේදී එය – හිමිකරගෙන ඇත.ෂාහින් අෆ්රිඩ්ට පෙර මෙම සම්මානය 2013 වර්ෂයේදී හිමිකර ගනු ලැබුවේ එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටෝක්ස්ය.

මේ අතර වසරේ ක්‍රිකට් ක්‍රීඩිකාවට හිමි රේචල් හේයෝ ෆ්ලින්ට් සම්මානය මෙවර හිමිකර ගැනීමට ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකාරීණිය වූ ස්ම්‍රිති මන්දනා සමත් වූවාය. ඇය පසුගිය 2021 වර්ෂයේදී අත්තර්ජාතික තරග 22කට සහභාගි වී ලකුණු 855ක් රැස් කරගෙන ඇති අතර, එහිදී ඇය ටෙස්ට් ශතකයක් හා අර්ධ ශතකයක්, පන්දුවාර 20 අර්ධ ශතක දෙකක් හා එක්දින අර්ධ ශ දෙකක් බැගින් රැස් කිරීමට සමත්වී ඇත. මන්දනා මෙම සම්මානය දිනාගත් දෙවැනි අවස්ථාව මෙය විය.

කෙසේ වෙතත් 2017 වර්ෂයේදී ආරම්භ වූ මෙම සම්මාන උළෙලේ මන්දනා හැරෙන්නට එම සම්මානය දිනාගත් ක්‍රීඩිකාව වන්නේ ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩිකා එලීස් පෙරී පමණි. මන්දනා (2018, 2021) හා එලිස් පෙරී (2017,2019) දෙදෙනාම දෙවරක් බැගින් මෙම සම්මානය හිමිකර ගැනීමට සමත්ව ඇත.

Exit mobile version