Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රාජ්‍ය අංශයේ දූෂිත ක්‍රියාකාරකම් පදනම් කර ගත් CPI දර්ශකයේ ශ්‍රී ලංකාව 102වන ස්ථානය දක්වා පසු බසී

රාජ්‍ය අංශයේ දූෂිත ක්‍රියාකාරකම් පදනම් කර ගත් CPI දර්ශකයේ ශ්‍රී ලංකාව 102වන ස්ථානය දක්වා පසු බසී

රාජ්‍ය අංශයේ දූෂිත ක්‍රියාකාරකම් පදනම් කර ගත් CPI දර්ශකයේ ශ්‍රී ලංකාව 102වන ස්ථානය දක්වා පසු බසී

පසුගිය වසර 10ක කාලය තුළ දූෂණය පිටු දැකීමේ දී කිසිදු ප්‍රගතියක් ලබා නොමැති CPI දර්ශකයේ රටවල් 86 අතර ශ්‍රී ලංකාවද සිටින බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ආයතනය පවසයි. මෙය හෙළි වී ඇත්තේ, (25) එළි දැක්වූ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් (TI) ජාත්‍යන්තර ආයතනය සම්පාදනය කළ නවතම දූෂණ සංජානන දර්ශකය (CPI)ට අනුවයි.

ලෝක බැංකුව, ලෝක ආර්ථික සමුළුව, පෞද්ගලික අවදානම් සහ උපදේශන සමාගම්, බුද්ධි මණ්ඩල සහ වෙනත් පාර්ශ්ව ඇතුළුව බාහිර මූලාශ්‍ර 13කින් ලබාගත් දත්ත අනුසාරයෙන් ලොව පුරා රටවල් සහ භූමි ප්‍රදේශ 180ක රාජ්‍ය අංශයේ දූෂිත ක්‍රියාකාරකම් පදනම් කර ගනිමින් CPI අගයන් ගණනය කිරීම සිදු කෙරේ.

දූෂණ සංජානන දර්ශක පරිමාණය, ලකුණු 0 (බෙහෙවින් දූෂිත) සිට 100 (ඉතා පිරිසිදු) යන ආකාරයට අගයන් ලබා දෙමින් රටවල් ශ්‍රේණිගත කරයි.

2021 වසරේ ශ්‍රී ලංකාව ලබාගත් CPI අගය 37ක් වන අතර එය පසුගිය වසරේ ලබාගත් අගයට (38) වඩා එකකින් අඩුවේ.
2020 වසරේ 94 වන ස්ථානය ලැබූ ශ්‍රී ලංකාව 2021 වසරේ 102 වන ස්ථානය දක්වා පසු බැස ඇත.

2016 වසරේ දී අවම අගය 36කුත් 2012 වසරේ දී උපරිම අගය 40කුත් වශයෙන් පසුගිය වසර 10 තුළ ශ්‍රී ලංකාවේ CPI අගය සාපේක්ෂ වශයෙන් එක් පරාසයක පැවත ඇත.

ඩෙන්මාර්කය (88), පින්ලන්තය (88) සහ නවසීලන්තය (88) දර්ශකයෙහි ඉහළින් සිටින රටවල් වන අතර සෝමාලියාව (13), සිරියාව (13) සහ දකුණු සුඩානය (11) එහි පහළ ස්ථානවල සිටී.

අල්ලස, රාජ්‍ය මුදල් අවභාවිතය, දූෂණ ක්‍රියා උදෙසා ඵලදායි ලෙස නඩු පැවරීම, ප්‍රමාණවත් නෛතික රාමු, තොරතුරුවලට ප්‍රවේශය සහ අකටයුතු නාදකයන්, මාධ්‍යවේදීන් සහ විමර්ශකයන් සඳහා වන නෛතික ආරක්ෂාව යන ක්‍රියාකාරකම් දූෂණ සංජානන දර්ශකය සම්පාදනයේ දී පදනම් වී ඇත.

– mawrata

Exit mobile version