Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

2022 IPL ක්‍රීඩක වෙන්දේසියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 36ක්

2022 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා ලියාපදිංචි වීමට ලොව පුරා සිටින ක්‍රීඩකයින්ට ලබා දී තිබූ අවස්ථාව පසුගිය 20 වනදායින් අවසන් කළ බව තරග සංවිධායකයින් පවසනවා.

IPL තරග සංවිධායකයින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ එම දිනය වනවිට ඉන්දියානු ක්‍රීඩකයින් 896ක් සහ විදේශීය ක්‍රීඩකයින් 318ක් මෙවර තරගාවලියේ වෙන්දේසිය වෙනුවෙන් ලියාපදිංචි වී ඇති බවයි.

මේ අතර මෙවර තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය වෙනුවෙන් ලියාපදිංචි වී ඇති ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සංඛ්‍යාව 36ක්.

Exit mobile version