Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

“ඩෝරා” මහජන ප්‍රදර්ශනයට

"ඩෝරා" මහජන ප්‍රදර්ශනයට

"ඩෝරා" මහජන ප්‍රදර්ශනයට

රිදියගම සෆාරි උද්‍යානයේ “ලාරා” නැමති සිංහ ධේනුව විසින් බිහිකළ පළමු සිංහ පැටවා වන “ඩෝරා” නමැති සිංහ පැටවා (18) සිට මහජන ප්‍රදර්ශනයට තබන බව රිදියගම සත්වෝද්‍යානයේ භාරකරු සහකාර අධ්‍යක්ෂක හේමන්ත සමරසේකර මහතා කියා සිටියේය.

රිදියගම සෆාරි උද්‍යානයේ මේ වනවිට සිංහයින් 15 දෙනෙකු සිටින අතර ඉන් රිදියගම සෆාරි උද්‍යානයේම ඉපදුන සිංහ පැටවූ 08 දෙනෙකු සිටි.

නමුත් මෙසේ ඉපදුනු සිංහ පැටවුන්ගෙන්”සහරා” නමැති සිංහ දේනුව බිහිකළ සිංහ පැටවා හා “ලාරා” නැමති සිංහ ධේනුව බිහිකළ සිංහ පැටවා හට සිංහ ධෙනුව විසින් ටික දිනකින් කිරි දීමෙන් වැලකි සිටීම හේතුවෙන් පැටවුන් බලාගැනීමට සිදුවී ඇත්තේ ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට වේ.

කෙසේ නමුත් “සහරා” නමැති සිංහ දෙනුවට ඉපදුනු පැටවා පෝෂණය කිරීම සඳහා දෙහිවල ජාතික සත්වෝද්‍යාන වෙත භාර දී තුබුණත් “ලාරා”ට ඉපදුනු සිංහ පැටවා රැක බලාගෙන ඇත්තේ රිදියගම සෆාරි උද්‍යානයේ නිලධාරීන් වේ.

2021.07.26 හය වනදා “ලාරා” බිහිකළ ඩෝරා නමැති සිංහ පැටවා හට මාස 4 1/2ක් පමණ වන බැවින් 18වනදා සිට මහජන ප්‍රධර්ශනය වෙත තබා තිබේ. කෙසේ නමුත් “ඩෝරා” රංචුවකට එක්කිරීමට තරම් සුදුසු තත්වයකට පැමිණෙන තෙක් හුදකලාව තබන බවද සත්වෝද්‍යානයේ භාරකරු සහකාර අධ්‍යක්ෂක හේමන්ත සමරසේකර මහතා කියා සිටියේය.

මිට අමතරව 2020.11 17දාද වයස අවුරුදු නවයක් පමණ වන ‘ෂිනා” නැමති සිංහ ධේනුව විසින්ද සිංහ පැටවුන් දෙදෙනෙකු බිහිකර තිබේ. “ෂිනා” නැමති සිංහ ධේනුව වයස වුරුදු 02දි පමණ ජර්මනියේ සිට රැගෙන විත් දෙහිවල සත්වෝද්‍යානයේ වයස අවුරුදු 04ක් පමණ වන තෙක් සිට පසුව රිදියගම සත්වෝද්‍යානය වෙත රැගෙනවිත් තිබේ.

Exit mobile version