ඔස්ට්‍රේලියානු කණ්ඩායමත් එංගලන්ත කණ්ඩායමත් අතර පැවැත්වෙන පස්වන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ඔස්ට්‍රේලියාවේ මාර්නස් ලබුශේන් ක්‍රීඩා කළ ආකාරය පිළිබඳ ක්‍රිකට් ලෝලීන් අතර වීඩියෝපට හුවමාරු වෙමින් පවතී.
මේ වන විටත් අලු බඳුන තරගාවලියේ තරග 4කින් 3-0 ලෙස ඔස්ට්‍රේලියානු කණ්ඩායම තරගාවලියේ ජය අත් කරගෙන ඇත.
මේ අවස්ථාවේ දී පස්වන ටෙස්ට් තරගයේදී ක්‍රීඩා කළ මාර්නස් ලබුශේන්, ෆ්‍රාඩ්ගේ පන්දුවකට විකට්ටුවෙන් පිටත ගොස් වෙනස් ආකාරයකින් පිත්ත හැසුරුවීමට උත්සාහ කළේය. කෙසේ වෙතත් මේ අවස්ථාවේ දී ඔහුගේ උත්සාහය අසාර්ථක වී ලබුශේන් පය පැටලී බිම ඇද වැටුණි.
ෆ්‍රාඩ් විසින් විසි කළ පන්දුවට ලබුශේන් සම්පූර්ණයෙන් පරාජ වූ නිසා පන්දුව කෙළින්ම කඩුල්ලේ දැවටී ඔහු අවමන් සහගතව දැවී ගියේය.

