Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ගෑස් පිපිරීම් වළක්වන්න ලිට්‍රෝ සුරැකීමේ සංගමයේ සභාපතිගෙන් දේව කන්නලව්වක්

ගෑස් සිලින්ඩර පුපුරා යාම ඉක්මනින් නවත්වා දෙන ලෙස ඉල්ලා (14)වන දින දෙහිවල, විශ්ණු මහා දේවාලයේ දී දේව කන්නලව්වක් සිදු කළ බව ලිට්‍රෝ සුරැකීමේ සංගමයේ සභාපති නලීන් සමන්ත මහතා පවසයි.

ඔහු තවදුරටත් ප්‍රකාශකර සිටියේ,

“අද තෛපොංගල් දවසේ විෂ්ණු මහා දේවාලයට අපි ආවා. ඇවිල්ලා පුද සත්කාර කරලා දෙවියන්ගෙන් ඉල්ලුවා ලිට්‍රෝ ගෑස් සමාගමේ මේ ගෑස් පුපුරණ එක ඉක්මනට ම අපට නවත්තලා දෙන්න. මොකද මේක අදිසි හස්තයක් වගේ ක්‍රියාත්මක වෙන දෙයක්. ඒ නිසා අපිට දැන් කියන්න තියෙන්නේ දෙවියන්ට විතරයි. අද උතුම් දවසක්. ඒ නිසා ලිට්‍රෝ සුරැකීමේ සභාපති වශයෙන් අපි ලොකු දේව මෙහෙයක් කළා. අපි බලාපොරොත්තු වෙනවා රටේ ගෑස්වලට ඇවිල්ලා තියෙන අර්බුදකාරී තත්ත්වය විසඳගන්න පුළුවන් වේවි කියලා.”

“ලිට්‍රෝ සුරැකීමේ නිලධාරීන් සියලු දෙනා ජනාධිපතිතුමාට කරුණු පැහැදිලි කරලා දීලා මේ වගේ රටේ අර්බුදයක් පවතින අවස්ථාවක බෙල්ලේ කැක්කුමට කොට්ටේ මාරු කරනාව වගේ සභාපති ගොල්ලෝ මාරු කරන්න ගියා ම ලොකු ප්‍රහ්නයක් මතු වෙනවා. මොකද දැන් වර්තමාන සභාපතිතුමා ඇවිල්ලා මාස 6යි. හැබැයි එතුමා යම් කිසි වැඩ පිළිවෙලක් අපට තේරුණා කරගෙන යනවා ආයතනයට. මොකද එතුමා දක්ෂ නිලධාරියෙකු වශයෙන් සුරැකීමෙන් මට ඒකට ක්‍රෙඩිට් එක ගන්න හැකියාව තියෙනවා. මොකද ඔහුගේ වැඩ අතින් අපිට යම් කිසි බලාපොරොත්තුවක් ඇති කතරලා තියෙනවා ආයතනය හොඳ අතකට අරන් යයි එතුමා. ඒ නිසා අපි ත් ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියා කරුණෘකරලා අපේ ඉල්ලීමට සානුකම්පිත ලෙස ඉදිරිපත් වෙලා ඒ ලියුම වහා ම අහෝසි කරලා නැවත ඒ පත්වීම තිබිච්ච ආකාරයෙන් ම රඳවන් කියලා. ජනාධිපතිතුමා එවෙලේ ම මුදල් අමාත්‍යංශයේ ලේකම්තුමාට නියෝගයක් නිකුත් කරලා වෙල ම ඒ ලියුම අහෝසි කරගත්තා.”

ඔහු තවදුරටත් සඳහන් කළේ, මුදල් අමාත්‍යංශ ලේකම්වරයාගේ අත්සනින් යුතුව නිකුත් කර තිබූ ලිට්‍රෝ සභාපති තෙෂාර ජයසිංහ මහතා ඉවත් කිරීමේ ලිපිය සම්බන්ධයෙන් ද යම් සැක සහිත බවක් තිබූ බවත්, මුදල් අමාත්‍යංශය විසින් නිකුත් කරන ඇතැම් නිවේදන සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත්ව නොමැති තත්ත්වයක් දක්නට ලැබෙන බව සහ නිලධාරීන් විනිවිදභාවයෙන් කටයුතු නොකරන බව ද පෙනී යන බව ඔහු වැඩිදුරට ත් පැවසීය.

Exit mobile version