Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කටාර් සිට උගන්ඩාව බලාගිය යානයේ විරල දරු ප්‍රසූතියක්

කටාර් සිට උගන්ඩාව බලාගිය යානයේ විරල දරු ප්‍රසූතියක්

කටාර් සිට උගන්ඩාව බලාගිය යානයේ විරල දරු ප්‍රසූතියක්

කටාර් සිට උගන්ඩාව දක්වා රාත්‍රී පියාසර කරමින් සිටි මගීන්ගෙන් යුත් ගුවන් යානයක දරු ප්‍රසූතියක් සිදුවීමේ විරල සිද්ධියක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. “ආශ්චර්යමත්” ළදරුවෙකු ප්‍රසූත කිරීමට උදව් කළේ යානයේ ගමන් කළ වෛද්‍යවරුන් දෙන්නෙකු හා හෙදියකි.

යානයේ ගමන් කරමින් සිටි ගැබිණි මවට දරු ප්‍රසූතියට දින යෙදී තිබුනේ ඉදිරි කාලයක වන නමුත් ගුවන් ගතවීම ආරම්භවූ පසු ඇයට අමාරු විය. එම අවස්ථාවේ යානයේ කපිතාන්වරයා ඇතුළත පණිවිඩ මයික්‍රෙෆා්නයෙන් දන්වා සිටියේ මෙම මවට උදව් කළ හැකි අය වෙතොත් ඉදිරිපත්වන ලෙසය. ඒ අනුව ටොරොන්ටෝ විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරියක වන වෛද්‍ය අයිෂා ඛතිබ්, දේශසීමා රහිත ලාභ නොලබන වෛද්‍යවරුන්ගේ සංගමයේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙකෙ හා හෙදියක ඒ සඳහා ඉදිරිපත් වී තිබේ.

මෙම සංසිද්ධිය හේතුවෙන් ගුවන් ගමනේ ගැටලුවක් මතු නොවූ අතර මව හා ළදරුවා උගන්ඩාවේ රෝහලක් වෙත පසුව ඇතුළත් කෙරිණි.

Exit mobile version