Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නවුෆර් මවුලවි ඇතුළු 25 දෙනෙකුට එරෙහි නඩුව මාර්තු දක්වා කල් යයි

පාස්කු විමර්ශන ගැන ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක්

පාස්කු විමර්ශන ගැන ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක්

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් නවුෆර් මවුලවි ඇතුළු 25 දෙනෙකුට එරෙහි නඩුව මාර්තු 03 වනදා යලි කැදවන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළා.

මෙම නඩුව (12) කැදවූ අවස්ථාවේ නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 09 දෙනෙකු වෙනුවෙන් දෙමළ භාෂාව කතාකරන නීතිඥවරුන් නම් කරනු ලැබුවා. රජයේ වියදමින් ඔවුන් නම් කළේ අදාළ විත්තිකරුවන් මීට පෙර කළ ඉල්ලීමකට අනුවයි. අධිචෝදනා පිළිබද දෙමළ භාෂා පරිවර්තන සකස් කරමින් පවතින බවත් ඒවා මීළඟ නඩු විභාගයට පෙර ලබා දෙන බවත් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය පැවසුවා.

Exit mobile version