Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රට කඩා වැටීම වැළැක්වීමට ආණ්ඩුවට උදව් කරනවා – රනිල්

රට කඩා වැටීම වැළැක්වීම සඳහා මේ මොහොතේ ජාතික ආණ්ඩුවක් යටතේ ආණ්ඩුවට උදව් කළ යුතුය යන ස්ථාවරයේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සිටිනා බව එම පක්ෂයට සම්බන්ධ පිරිස් ප්‍රකාශ කරති.

රනිල් වික්‍රමසිංහ මහතාට සමීප සම්බන්ධයක් ඇති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගෙන් මේ ගැන විමසීමේදී ප්‍රකාශ කළේ ආණ්ඩුවත් සමඟ සිදුකරනවා යැයි මාධ්‍ය මගින් කියන ගනුදෙනුව ගැන වික්‍රමසිංහ මහතාගෙන් විමසීමේදී ඒ මහතාගේ පිළිතුර වූයේ පළමුවෙන් රට කඩා නොවැටී බේරාගත යුතු බැවින් ජාතික ආණ්ඩුවක් යටතේ එයට උදව් කළ යුතු බව යන්නය.

පක්ෂයේ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ වික්‍රමසිංහ මහතා ආණ්ඩුවත් සමඟ කරන ගනුදෙනු ගැන තොරතුරු දන්නේ වජිර අබේවර්ධන මහතා පමණක් බවය.

Exit mobile version