Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

විශ්‍රාම යාමෙන් පසු අනුගමනය කළ යුතු කොන්දේසි 03ක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි

ක්‍රීඩා අමාත්‍යවරයාගේ අතුරු පාලක මණ්ඩලය ගැන හොයන්න කැබිනට් අනුකමිටුවක්

ක්‍රීඩා අමාත්‍යවරයාගේ අතුරු පාලක මණ්ඩලය ගැන හොයන්න කැබිනට් අනුකමිටුවක්

ක්‍රීඩකයින් විශ්‍රාම ගැනීමට සූදානම්වීමේදී හා ඔවුන් විශ්‍රාම යාමෙන් පසු අනුගමනය කළ යුතු ක්‍රියාවලිය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ බව සඳහන් කළා.

(07) පැවැති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු රැස්වීමේදී ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක් වූ අතර ඊට ප්‍රධානතම හේතුව වූයේ භානුක රාජපක්ෂගේ හදිසි විශ්‍රාම ගැනීමයි. ඒ අනුව ක්‍රීඩකයින් එවැනි තීරණයකට එළඹෙන්නේ නම් කොන්දේසි 03කට යටත්විය යුතු බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ. ඉන් පළමු කොන්දේසිය වන්නේ ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයෙකු විශ්‍රාම ගැනීමට අපේක්ෂාවෙන් සිටීනම් ඒ පිළිබඳ අදාළ ක්‍රීඩකයා මාස 03කට පෙර ක්‍රිකට් ආයතනයට දැනුම්දිය යුතුයි.

ලංකා ප්‍රිමියර් ලීග් වැනි දේශීය ලීග් තරගාවලි සඳහා ක්‍රීඩා කිරීමට විශ්‍රාමික ක්‍රීඩකයින්ට අවසර ලබාදෙන්නේ ද එම තරගාවලියට පෙර පැවැත්වෙන දේශීය තරග වාරයේදී එම ක්‍රීඩකයා සියයට 80ක දේශීය තරග ප්‍රමාණයක් ක්‍රීඩා කර ඇත්නම් පමණයි. එමෙන්ම විදෙස් ලීග් තරගාවලි සඳහා ක්‍රීඩා කිරීමට අපේක්ෂාවෙන් සිටින විශ්‍රාමික ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයින්ට ඒ සඳහා අවසර හිමිවන්නේ අදාළ ක්‍රීඩකයා විශ්‍රාම යාමෙන් මාස 06ක කාලයක් සම්පූර්ණ කිරීමෙන් පසුව බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව ගත් මෙම තීරණය අනුව භානුක රාජපක්ෂට ලබන 21වනදා ආරම්භ වන බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාවද අහිමි වනු ඇති.

Exit mobile version