Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

2025 කායවර්ධන ලෝක ශූරතා තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට

2025 කායවර්ධන ලෝක ශූරතා තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට

2025 කායවර්ධන ලෝක ශූරතා තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට

කායවර්ධන ලෝක ශූරතා තරගාවලියක් 2025 වසරේදී ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වීමට ශ්‍රී ලංකා කායවර්ධන සහ ශාක යෝග්‍යතා සම්මේලනය පියවර ගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් අවශ්‍ය සංවිධාන කටයුතු මේ වනවිටත් අරඹා ඇති අතර, ශ්‍රී ලංකා කායවර්ධන සහ ශාර්ථක යෝග්‍යතා සප්ලිනයේ ප්‍රධාන අනුශාසක කේ.එච්. කපිල කුමාර මහතා පවසා සිටියේ, ශ්‍රී ලංකාවේ මේ ආකාරයේ කායවර්ධන ලෝක ශූරතා තරගාවලියක් පැවැත්වෙන ප්‍රථම අවස්ථාව මෙය වන බවයි. 2025 කායවර්ධන ලෝක ශුරතා තරගාවලිය ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වීමට සමගාමීව කායවර්ධන සම්මේලනයේ ඉදිරිපස් අවුරුදු සැලැස්ම ඉදිරිපත් කිරීම පසුගියදා පැවැති අතර, එම මාධ්‍ය හමුවේදී හෙතෙම මේ බව අනාවරණය කළේය.මෙම මාධ්‍ය හමුව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති දුමින්ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර, හෙතෙම පවසා සිටියේ මෙම ලෝක ශූරතා තරගාවලිය පැවැත්වීමට සහ මෙරට තුළ කායවර්ධන ක්‍රීඩාව දියුණු කිරීමට අවශ්‍ය සියලු කටයුතු සඳහා තම මැදිහත්වීම සිදුකරන බවයි.

ශ්‍රී ලංකා කායවර්ධන සහ ශාක යෝග්‍යතා සම්මේලනය මෙම තරගාවලියට සත්කාරකත්වය දැක්වීමේ ප්‍රධාන අභිප්‍රාය වනුයේ ජාත්‍යන්තර රන් පදක්කම් කිහිපයක් ශ්‍රී ලංකාවට දිනාදීමයි. ඒ සඳහා අවශ්‍ය විශේෂ සැලැස්මක් මේ වන විටත් සකස් කර අවසන් බවත් මෙම මාධ්‍ය හමුවේදී අනාවරණය විය. ‘එකට නැගිටිමු-එකට ජය ගනිමු” යන තේක්ෂාව යටතේ විශේෂ 05 අවුරුදු සැලැස්ම එළිදැක්වීම සහ එහි නිලධාරීන්ගේ වගකීම්, කාර්යයන් පැහැදිලි කිරීමත් මෙම මාධ්‍ය හමුවට සමගාමීව සිදුකිරීමද විශේෂත්වයකි.”2025 ලෝක ශුරතා තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට අප කටයුතු යොදා තිබෙනවා. ඒ වෙනුවෙන් විසඳාගත යුතුව පවතින ගැටලු සියල්ලක්ම මේ වන විට අප විසඳමින් සිටිනවා. එසේ නොමැතිව අපට දිගු ගමනක් යා නොහැකියි.

එම නිසා අප දිස්ත්‍රික් වශයෙන් සහ පළාත් වශයෙන් කායවර්ධන ක්‍රීඩා සංවිධායකවරුන් පත්කිරීමත් එම නිලධාරීන්ගේ කාර්යභාරය සහ වගකීම් පැහැදිලි කිරීමත් සිදුකර තිබෙනවා අපේ ඉලක්කය වනුයේ ලෝක ශූරතා තරගාවලියේදී ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනා දෙමින් ගෞරවයක් රැගෙන ඒමයි. ඒ අනුව සියලු මතවාද සහ මතභේද පසෙකලා අප සමගින් ක්‍රීඩාව දියුණු කිරීමට එක්වන ලෙස ඉල්ලා සිටිනවා” යනුවෙන් කපිල කුමාර මහතා වැඩිදුරටත් පවසා සිටියේය. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා කායවර්ධන සහ ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ සභාපති කේ.එච්. ලයනල් කුමාර, හිටපු ලේකම් නිහාල් වීරතුංග ඇතුළු නිලධාරිහු රැසක් එක්ව සිටියහ

Exit mobile version