Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

JVPය සමග අපිට එක්ව කටයුතු කළ හැකියි – දයාසිරි

ජනතා විමුක්ති පෙරමුණ වැනි දූෂණයෙන් තොර පක්ෂයක් සමග තම පක්ෂයට එක්ව කටයුතු කළ හැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා, කොළඹදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළේය.

එහිදී අදහස් දැක්වූ  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා

“වාමාංශික බලවේග සියලුදෙනාම එකතු කරගත යුතුයි කියන මතයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉන්නවා. වර්තමානයේ ජනතා විමුක්ති පෙරමුණ වගේ පිරිසිදු පක්ෂයකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වගේ පිරිසිදු පක්ෂත් එක්ක එකතුවෙලා අනාගතය ගොඩනගන්න ඉඩකඩ තිබෙනවා. සන්ධානගතව වැඩකරන්න අවශ්‍යනම් ඒ සඳහා අපිට හැකියාව තියෙනවා කියන එකයි මම ප්‍රකාශ කලේ.”

Exit mobile version