Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

උතුරු කොරියාවේ දින 11ක ශෝක කාලයක්: සිනාවීම සහ මත්පැන් පානය තහනම්

නායක කිම් ජොන් උන්

උතුරු කොරියාවේ දින 11ක ශෝක කාලයක්: සිනාවීම සහ මත්පැන් පානය තහනම්

උතුරු කොරියාවේ දින 11ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කිරීමට නායක කිම් ජොන් උන් තීරණය කර ඇති අතර, එම කාලය තුළ සිනාවීම සහ මත්පැන් පානය තහනම් කර තිබේ.

දින 1ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කෙරුණේ, කිම් ජොන් උන්ගේ පියාගේ 10වැනි ගුණ සැමරුම වෙනුවෙනි. කිම් ජොන් උන්ගේ පියා කිම් ජොන්ග් ඉල් අභාවප්‍රාප්ත වූයේ 2011 දෙසැම්බර් 17 වැනිදාය. කිම් ජොන්ග් ඉල් කොරියාවේ නායකයා ලෙස වී සිටියේ 1994 සිට 2011 තෙක් කාලයේය. කිම් ජොන් උන් කොරියාවේ නායකයා බවට පත් වූයේ පියාගේ අභාවයෙන් පසුවය.

10වැනි ගුණ සැමරුම වෙනුවෙන් ප්‍රකාශයට පත් කළ දින 1ක ශෝක කාලය තුළ විනෝද වෙමින් ඒකරාශී වීමට ජනතාවට අවසර ලැබෙන්නේ නැහැ. මත්පැන් පානයට අවසර ලැබෙන්නේ නැහැ.’යැයි නායක කිම් ජොන් උන් නිකුත් කළ නිවේදනයේ සඳහන් වන බව දකුණු කොරියා මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

පසුගිය වසර ගණනාව පුරා, කිම් ජොන්ග් ඉල් ගුණ සැමරුම් නිමිත්තෙන් දින 10ක් ශෝක කාලයක් ප්‍රකාශයට පත් කෙරුණත්, මෙවර එම දින ගණන දින 11ක් ලෙස ප්‍රකාශයට පත් කෙරුණේ, 10වැනි ගුණ සැමරුම නිසා යැයි ද පැවැසෙයි.

පියා කිම් ජොංග් ඉල් මෙන් නොව, පුතු කිම් ජොන් උන් නම්‍යශීලී නායකයෙකි. ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකනා ජනාධිපති ධුරය හොබවද්දී, ඔහු සමඟ න්‍යෂ්ටික අවිහරණ කටයුතු සඳහා සාකච්ඡා පැවැත්වීමට කිම් ජොන් උන් පෙළෙඹුණේ ද ඒ නිසා යැයි දේශපාලන විශ්ලේෂකයෝ පැහැදිලි කරති.

කෙසේ නමුත්, ඇමෙරිකාව අපේක්ෂා කළ අන්දමින් එම සාකච්ඡා ඵලදායී නොවිණි. වර්තමාන ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්, උතුරු කොරියාවට නව සම්බාධක පැනැවීම් සිදු කර තිබේ. ඒ, උතුරු කොරියාව මානව හිමිකම් උල්ලංඝනය කරනවා යැයි චෝදනා නගමිනි.

Exit mobile version