Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ලිට්‍රෝ සහ ලාෆ්ස් සමාගම්වලට අධිකරණයෙන් තද නියෝගයක්

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නිර්ණායකවලට අනුකූලව ම පමණක් පාරිභෝගිකයින්ට ගෑස් සිලින්ඩර නිකුත් කිරීමට අනිවාර්යයෙන් ම පියවර ගත යුතු බවට අභියාචනාධිකරණය ලිට්‍රෝ සහ ලාෆ්ස් සමාගම්වලට නියෝග කර තිබේ.

අභියාචනාකරණය තවදුරට ත් නියෝග කර ඇත්තේ, මේ වන විට පාරිභෝගිකයින් වෙත නිකුත් කර ඇති හා වෙළෙඳපොළට නිකුත් කර ඇති භාවිත නොකරන ලද සියලු ම ගෑස් සිලින්ඩර සමාගම් මගින් ආපහු භාර ගැනීමට ද කටයුුතු කළ යුතු බව ය.

ගෑස් කාන්දුවීම් හේතුවෙන් ඇති වූ පිපිරීම් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයෙකු වන නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමට අදාළව අතුරු නියෝගයක් ප්‍රකාශයට පත් කරමින් රුවන් ප්‍රනාන්දු සහ සම්පත් විජයරත්න යන විනිසුරු මඩුල්ල විසින් ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් සමාගම් වෙත අද (17) මෙම නියෝග නිකුත් කර ඇත.

එමෙන් ම සිලින්ඩර තුළ තිබෙන ගෑස් සංයුතිය ඉන් පිටත පැහැදිලිව දිස් වන ආකාරයෙන් ප්‍රදර්ශනය කළ යුතු බවට ද අදාළ සමාගම්වලට අධිකරණය විසින් නියෝග කරනු ලැබ ඇත.

මේ වන විට භාවිතයට ගෙන ඇති ගෑස් සිලින්ඩර තුළ ඉතිරිව ඇති ගෑස් ප්‍රමාණය අනුව ඔවුන්ගෙන් අය කරගෙන ඇති මුදල ආපසු ගෙවන මෙන් නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරු වන නාගානන්ද කොඩිතුවක්කු මහතා අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබිණි.

ඒ අනුව, ඒ පිළිබඳ ද අවධානය යොමු කර ඊට සුදුසු වැඩපිළිවෙළක් සකසන ‌‌ලෙස පාරිභෝගික අධිකාරියට ද අභියාචනාධිකරණය නියෝග කළේ ය.

මෙම නියෝග නිකුත් කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ මනෝහර ජයසිංහ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ප්‍රකාශ කළේ, ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක සංයුතිය තීරණය කිරීම සඳහා විශේෂ රැස්වීමක් ලබන 20 වන දා පැවැත්වීමට නියමිතව තිබුණ ද එම රැස්වීම හදිසියේ ඊයේ (16) දින පැවැත් වුණු බව ය.

එම රැස්වීමේදී ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක අන්තර්ගත විය යුතු ප්‍රොපේන් සංයුතිය සියයට 30ක් විය යුතු බවට තීන්දු කළ බව ද රජයේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දී තිබේ.

Exit mobile version