Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කිලිනොච්චියේ වෙඩි උණ්ඩ ආකරයක්

කිලිනොච්චිය පොලිස් වසමේ රම්‍ය පාර ප්‍රදේශයේ, කොන්ක්‍රීට් වැඩපළක් පවත්වාගෙන යනු ලබන ඉඩමක තිබී යුද සමයේ භාවිත කළ ගිනිඅවි සඳහා යොදන පතොරම් විශාල ප්‍රමාණයක් සොයාගෙන තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, පසුගිය දෙසැම්බර් මස 13 වන දා එම ස්ථානයේ දී ටී – 56 අවි සඳහා භාවිත කළ පතරොම් පෙට්ටි 2ක් සොයාගත් බවය.

ඒ අනුව ඊට පසු දින කිලිනොච්චිය මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව කිලිනොච්චිය අරවියනගර් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් විසින් එම ස්ථානයේ තවදුරටත් කැණීම් සිදුකර තිබේ.

එහිදී ටී – 56 ගිනි අවි සඳහා භාවිත කරන පතරොම් 750ක් අඩංගු ලෝහ ආවරණ සහිත පෙට්ටි 84ක් සොයා ගෙන ඇත.

එමෙන්ම ටී – 56 ගිනිඅවි සඳහා භාවිත කරන ආවරණ ඉවත් කළ පතරොම් 46,000ක්, M – 60 අවි සඳහා භාවිත කරන පතරොම් 800ක් හා MPMG අවි සඳහා භාවිත කරන පතරොම් 400ක් ද කැණීම් සිදුකිරීමේ දී සොයා ගෙන තිබේ.

අදාළ ස්ථානයේ තවදුරටත් කැණීම් කටයුතු සිදුකරමින් පවතින අතර, කිලිනොච්චිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Exit mobile version