Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මස්කෙළිය ප්‍රාදේශීය සභාවේ ගුටිකෙළියක්

මස්කෙළිය ප්‍රාදේශීය සභාවේදී අද සභාවාරය පැවැත්වෙමින් තිබියදී උණුසුම් තත්වයක් ඇතිවී තිබේ.

එහිදී ඇතිවී ගුටිබැට හුවමාරුවකින් තුවාල ලැබූ මස්කෙළිය ප්‍රාදේශිය සභාවේ උපසභාපතිවරයා රෝහල්ගතකර ඇත.

මෙලෙස තුවාල ලබා රෝහල්ගතකර ඇත්තේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායක පෙරියසාමි ප්‍රදිපන් නමැති මස්කෙළිය ප්‍රාදේශිය සභාවේ උපසභාපතිවරයාය.

මස්කෙළිය නගරයේ අනවසර ඉදිකිරිම් සම්බන්ධයෙන් තමන් සභාවේ ප්‍රශ්න කරමින් සිටිය දී එස්.ඒ.දිසානායක විසින් තමන්ට මෙම ප්‍රහාරය එල්ලකළ බව ඒ මහතා පැවසීය.

කෙසේ වෙතත්, පහරදීමෙන් තමන්ටද තුවාල සිදු වී ඇති බව එස්.ඒ.දිසානායක මන්ත්‍රීවරයා පැවසීය.

ඔහු පැවසුවේ තම පාක්ෂිකයෙකුගේ නිවසට පිවිසෙන මාර්ගයක් ඉදිකිරීමට සභාවෙන් අවසර ලබාගෙන එම මාර්ගයේ ඉදි කිරීම් කටයුතු සිදු කරන අවස්ථාවේ එයට අකමැති පාර්ශවයකට සහයෝගය දක්වා පෙරියසාමි ප්‍රදිපන් මහතා සභාව තුළ නොසන්සුන්කාරි ලෙස හැසිරුණ බවය.

ඔහු තවත් මන්ත්‍රිවරයෙකුට පහර දීමට උත්සහ කළ අවස්තාවේ එය වලක්වා ගැනීමට තමන් අතැතිව තිබු විදුරුවකින් උප සභාපතිවරයාට ප්‍රහාරයක් එල්ල කළ බව එස්.ඒ.දිසානායක මන්ත්‍රිවරයා වැඩිදුරටත් පැවසීය.

මෙම ගැටුම හේතුවෙන් මස්කෙළිය ප්‍රාදේශිය සභාවේ මාසික සභා රැස්විම දින නියමයක් නොමැතිව කල් තබා ඇත.

Exit mobile version