Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පොදු රාජ්‍ය මණ්ඩලීය බර ඉසිලිමේ ශුරතාවලියේදි ශ්‍රී ලංකාවට රන් පදක්කමක්

පොදු රාජ්‍ය මණ්ඩලීය බර ඉසිලිමේ ශුරතාවලියේදි ශ්‍රී ලංකාවට රන් පදක්කමක්

පොදු රාජ්‍ය මණ්ඩලීය බර ඉසිලිමේ ශුරතාවලියේදි ශ්‍රී ලංකාවට රන් පදක්කමක්

උස්බෙකිස්තානයේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය බර ඉසිලිමේ ශුරතාවලියේදි ශ්‍රී ලංකාවට රන් පදක්කමක් හිමිකර දීමට ශ්‍රීමාලි සමරකෝන් (09) සමත් වුණා.

ඒ, කාන්තා කිලෝග්‍රැම් 45 බර පන්තියෙන්. ඇය මෙම ඉසව්වේදි ස්නැච් ක්‍රමයට කිලෝග්‍රෑම් 58ක් සහ ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට කිලෝග්‍රැම් 78ක බරක් ඔසවමින් සමස්ත බර ලෙස කිලෝග්‍රෑම් 136ක් එසවීමට සමත් වුණා.

ශ්‍රීමාලී සමරකෝන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ ක්‍රීඩා විද්‍යාව හා කළමණාකරණ අධ්‍යයන අංශයේ දෙවන වසරේ ශිෂ්‍යාවක් වනවා.

2019 දකුණු ආසියාතික ක්‍රීඩා උලෙළේදී නව ශ්‍රී ලංකා වාර්තාවක්ද සමඟින් රිදී පදක්කමක් දිනාගත් ඇය 2015 යොවුන් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේදී ද රිදී පදක්කමක් දිනාගත්තා.

2016 යොවුන් ලෝක ශූරතාවලියේ 14වන ස්ථානය ලබා ගැනීමටද ශ්‍රීමාලි සමරකෝන් සමත් වුණා.

Exit mobile version